Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රේවත විදුහල වීරයන්ගේ හටන ජය ගනියි

රේවත විදුහල වීරයන්ගේ හටන ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බලපිටිය සිද්ධාර්ථ මැදි විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර බලපිටිය ගුරු විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති 31 වැනි ‘වීරයන්ගේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට රේවත විදුහල අද (18 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 41 ක ඉලක්කයක් හඹා ගිය සිටි රේවත විදුහල් ක්‍රීඩකයෝ ඕවර 5 ක් තුළ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර ෂෙහාන් හංසික නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් රේවත විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.

රේවත විදුහලට වඩා ලකුණු 158 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ සිද්ධාර්ථ මැදි විදුහලට එහිදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ අවිෂ්ක දිල්ෂාන් ලකුණු 31 කට කඩුලු 6 ක් දවාගනිමින් සිද්ධාර්ථ මැදි විදුහලේ පිතිකරුවන් අසරණ කළේය. ඒ අනුව පළමු ඉනිමේදී දවාගත් කඩුලු 4 ත් සමගින් අවිෂ්ක මෙවර වීරයන්ගේ හටනේදී දවාගත් මුලු කඩුලු සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගියේය.

 

බලපිටිය සිද්ධාර්ථ මැදි විදුහල පළමු ඉනිම - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී 87  
(දර්ශන පුෂ්පකුමාර 31, අවිෂ්ක දිල්ෂාන් 26/4, තරිඳු ලක්ෂාන් 11/2, කවිඳු දිල්හාර 34/3)
 
බලපිටිය රේවත විදුහල පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලු දෙනා දැවී 245  
(රමේෂ් මදුෂාන් 75, දිමුතු කුමාර 53, අවිෂ්ක දිල්ෂාන් 45, අමින්ද ටෙහාන් 30, උෂාන් රන්දික 39/5, දර්ශන පුෂ්පකුමාර 36/2)

බලපිටිය සිද්ධාර්ථ මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 74.2 කදී සියලු දෙනා දැවී 198  
(රුවන්ත ප්‍රසාද් 41, අවිෂ්ක දිල්ෂාන් 31/6, ෂෙහාන් හංසික 18/2)

බලපිටිය රේවත විදුහල දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුලු 3 ක් දැවී 44  
(ෂෙහාන් හංසික නොදැවී 32)


- 036

 


අදහස් (0)

රේවත විදුහල වීරයන්ගේ හටන ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.