Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රේ ජෙනින්ංග්ස්ගෙන් අමතර යෝජනාවක්

රේ ජෙනින්ංග්ස්ගෙන් අමතර යෝජනාවක්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ උපදේශක ලෙස කටයුතු කිරීමට දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු පුහුණුකරුවකු වන රේ ජෙනින්ස් මහතා යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. එසේ වුවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පිතිකරු උපදේශකයකු සදහා ඉලීමක් කර නැත.   

ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු සහ අභ්‍යාසක යන තනතුරුවලට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැන්වීම් පළ කර තිබේ.

රේ ජෙනින්ස් මහතා දකුණු අප‍්‍රිකාවේ කනිෂ්ඨ ක‍්‍රීඩකයන් පුහුණුකිරීමේ විශේෂඥයකු ලෙස ප‍්‍රසිද්ධියක් උසුළන අතර ඒ මහතාගේ පුහුණුකාරිත්වය දකුණු අප‍්‍රිකාව වයස 19 න් පහළ ලෝක කුසලාන ශූරයන් බවට පත්විය.

මේ අතර වයස 19 න් පහළ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයට රොජර් විජේසූරිය මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ. එම තනතුර සඳහා සලකා බැලෙන අපේක්‍ෂකයන් අතරට විජේසූරිය මහතාට අමතරව රුවින් පීරිස් සහ සම්පත් පෙරේරා යන මහත්වරුද ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මාවන් අතපත්තු සහ සහය පුහුණුකරු රුවන් කල්පගේ යන මහත්වරුන්ගේ සේවය මෙම පාකිස්තානු සංචාරයෙන් පසුව අවසන් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

 


අදහස් (0)

රේ ජෙනින්ංග්ස්ගෙන් අමතර යෝජනාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.