Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෙඞ් බුල් වි:20 කි‍්‍රකට් තරග 7 දා සිට

රෙඞ් බුල් වි:20 කි‍්‍රකට් තරග 7 දා සිට

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් විශ්වවිද්‍යාල ‘රෙඞ් බුල්’ කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග මැයි මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කණ්ඩායම් 20 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

මෙරට තරගාවලියේ දෙවැනි වටයේ තරග සැප්තැම්බර් මස 5 සහ 6 දෙදින ද, අවසන් තරග සැප්තැම්බර් 12 සහ 13 දෙදින ද, පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායම ඔක්තෝබර් මස 21 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන ලෝක විශ්වවිද්‍යාල ‘රෙඞ් බුල්’ ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා තරගාවලියේ අධ්‍යක්‍ෂවරයා ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු කඩුලූ රකින්නකු වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා කටයුතු කරයි. තරගාවලියේ කුසපත් ඇදීම පසුගියදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ උප නායක ළහිරු තිරිමාන්නනගේ සහභාගිත්වයෙන් කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම කුසපත් ඇදීම වෙනස්ම ආකාරයකට පැවැති අතර එහිදී විශ්වවිද්‍යාල කණ්ඩායම්වල ක‍්‍රීඩකයන්ට කඩුල්ලට පන්දු යැවීමේ අවස්ථාව දෙමින් තරග කාලසටහනට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දුන්නේය. එහිදී කඩුල්ල රකින්නා ලෙස ළහිරු තිරිමාන්න කටයුතු කළේය.


ශ්‍රී ලංකා තරගාවලියේ අධ්‍යක්‍ෂවරයා වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා සහ ළහිරු තිරිමාන්න සමඟ විශ්වවිද්‍යාල ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වල නායකයන් ඡුායාරූපයකට පෙනී සිටි අවස්ථාව 


අදහස් (0)

රෙඞ් බුල් වි:20 කි‍්‍රකට් තරග 7 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.