Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති 117 වැනි ‘රුහුණු නිල් මහ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (26 වැනිදා) ජය පරාජයකින් තොරව අවසන් විය. තරගය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත තෝමස් විදුහල කිසිවකු දැවී ලකුණු 20 ක් ලබා සිටියේය.
ශාන්ත තෝමස් විදුහලට වඩා ලකුණු 4 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත සර්වේශස් විදුහල කඩුලු 6 ක් දැවී ලකුණු 174 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ශාන්ත තෝමස් විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
මෙම තරගයේදී දෙවැනි වරටත් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය සුපුන් කාවින්ද (42) ශාන්ත සර්වේශස් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර දෙවැනි ඉනිමේදී බිඳ වැටුණ කඩුලු 6 න් 4 කටම හිමිකම් කීමට ශාන්ත තෝමස් විදුහලේ හසින් දුල්මන් සමත් විය.
දෙවැනි දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටි ශාන්ත තෝමස් විදුහලට අද දිනයේදී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 12 ක් පමණි. කෙසේ වුවත් අවසන් කඩුල්ල දැවී යෑමට පෙර ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව පසුකර යෑමට ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ.
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 76.4 කදී සියලු දෙනා දැවී 207
(සුපුන් කාවින්ද 48, තිලාන් ප්‍රෂාන් 51, මුදිත අෂාන් 36, සෂික දුල්ෂාන් 21, මලීෂ සදුෂ්ක 24/3, හසින් දුල්මන් 64/2, ප්‍රවීන් මදුෂාන් 38/2, ළහිරු දිල්ෂාන් 28/2)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 110.1 කදී සියලු දෙනා දැවී 211
(රමින්ද පවිනාත් 43, ළහිරු දිල්ෂාන් නොදැවී 72, තරුෂ කාවින්ද 30, තිලාන් ප්‍රෂාන් 48/6)
ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 68 කදී කඩුලු 6 ක් දැවී 174
(සුපුන් කාවින්ද 42, කේසර නුවන්ත 24, සඳරු නෙත්මින නොදැවී 25, තිලාන් ප්‍රෂාන් 38, හසින් දුල්මන් 59/4)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 3.4 කදී කිසිවකු නොදැවී 20
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.