Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිච්මන්ඩ් ක්‍රීඩකයෝ එක්දින තරගය දිනති

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ එක්දින තරගය දිනති

editorial - 2026 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර පැවත්වෙන ‘ආදරවන්තයන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 38 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට රිච්මන්ඩ් විදුහල සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 7 ක් දැවී අවසන් පන්දුවේදී තරගය ජයගත්තේය. ඉතා ඉවසිලිමත් පිතිහරඹයක නිරත වූ අමීෂ රසාංජන පන්දු 87 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 68 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ආරම්භක පිතිකරු රිසිනු රූපසිංහ පන්දු 70 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 46 ක්ද, පුනාල් හංසජිත් පන්දු 60 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක්ද රැස්කරමින් රිච්මන්ඩ් විදුහල් කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය දැක්වූහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 229 ක් ලබාගත් අතර මහින්ද ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 71 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට සෙහස් වල්පිට (නොදැවී 46) සහ කවීෂ ගිත්මාල් (නොදැවී 41) සමත් වූහ.   


මහින්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 229  
(දුල්සිත් දර්ෂණ 24, ගෙසඳු බිසස් 26, මනිත රාජපක්ෂ 29, සෙහස් වල්පිට නොදැවී 46, කවීෂ ගිත්මාල් නොදැවී 41, නෙතුජ බාසිත 37/2, අමීෂ රසාංජන 39/2) 

රිච්මන්ඩ් විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 230 
(රිසිනු රූපසිංහ 46, චලිඳු කරුණාරත්න 22, අමීෂ රසාංජන 68, පුනාල් හංසජිත් 42, නෙතුජ බාසිත 24, මනිත රාජපක්ෂ 44/2) 


අදහස් (0)

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ එක්දින තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.