(ශානුක අරවින්ද)
ගාල්ල විද්‍යාලෝක විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර පැවත්වෙන ‘ආදරවන්තයන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට රිච්මන්ඩ් විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය මහින්ද විදුහලට ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සෙනෙත් සිසාන් ලකුණු 30 කට කඩුලු 5 ක් බිඳහෙළමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 218 ක් ලබාගත් අතර රිච්මන්ඩ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තරින්ද නිර්මාල් ලකුණු 42 ක් රැස්කළේය.
රිච්මන්ඩ් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 218
(තරින්ද නිර්මාල් 42, භානුක මනෝහාර 38, චෙහාන් සුබසිංහ 34, ශරොන් අභිෂේක් 25, ජනෙත් කෞෂාල් 24, තමිඳු ප්‍රදීප්ත 20, ෂෙහාන් හසරංග 46/3, රන්මිණ හෙට්ටිආච්චි 25/2)
මහින්ද විදුහල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 190
(තරුෂ දිල්ෂාන් ධනුජ ඉඳුවර 40, ප්‍රමේෂ් මධුභාෂන 33, හිරුණ ගාල්ලගේ 22, සෙනෙත් සිසාන් 30/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.