Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර රාහුල විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 6 වැනි ‘රුහුණු - මායා සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (31 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි රාහුල විදුහල කඩුලු 7 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටියේය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ ලකිඳු චමෝද්‍ය (55) රාහුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර දිනය නිමාවන විට කඩුල්ලේ රැදී සිටි බිනුර සංගීත් නොදැවී ලකුණු 22 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනාගත් ධර්මපාල විදුහල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා රාහුල විදුහලට ආරාධනා කර සිටි අතර වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට පෙර නතර කිරීමට සිදුවිය.
රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 66 කදී කඩුලු 7 ක් දැවී 187
(බිනුර සංගීත් නොදැවී 22, භාග්‍ය හිමත් 24, ලකිඳු චමෝද්‍ය 55, සසිත් මනුරංග 32, චමිඳු සමරසිංහ 58/3, ශෂික දිල්ෂාන් 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.