Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාහුල විදුහල ලකුණු 53 ක් පසුපසින්

රාහුල විදුහල ලකුණු 53 ක් පසුපසින්

රොෂාන් ගුණරත්න - 2017 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ මහනුවර ශ්‍රී රාහුල විදුහල අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 17 වැනි ‘කන්ද උඩරට රන්සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (24 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි රාහුල විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටියේය. 


ඒ අනුව රාහුල විදුහල කඩුලු 5 ක් අතැතිව සුමංගල විදුහලට වඩා ලකුණු 53 ක් පසුපසින් සිටින අතර දිනය නිමා වන විට කඩුල්ලේ රැදී සිටි ක්‍රිෂාන්ත දිල්ෂාන් නොදැවී ලකුණු 38 ක් ලබා සිටියේය. 


කාසියේ වාසිය දිනූ රාහුල විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සුමංගල විදුහල සියලු දෙනා දැවී ලකුණු 140 ක් රැස්කළ අතර එහිදී අර්ධ ශතකයක් ලබා ගැනීමට චමෝද් ප්‍රේමරත්න (57) සමත් විය. 


රාහුල විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ මදුෂාන් පරණවිතාන ලකුණු 37 කට කඩුලු 5 ක් දවාගත් අතර දිලීෂ මධුෂංක ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගනිමින් සුමංගල විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා මදුෂාන්ට අනගි සහයක් දුන්නේය. 


ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලු දෙනා දැවී 140 
(චමෝද් ප්‍රේමරත්න 57, විහඟ වීරතුංග 23, මදුෂාන් පරණවිතාන 37/5, දිලීෂ මධුෂංක 34/3) 


ශ්‍රී රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 5 ක් දැවී 87 
(ක්‍රිෂාන්ත දිල්ෂාන් නොදැවී 38) 

 


අදහස් (0)

රාහුල විදුහල ලකුණු 53 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.