ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර අහමදාබාද්හි සර්දාර් පටේල් කී‍්‍රඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 62 ක පහසු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.
දිල්ලි පිලේ වැඩිම ලකුණු ලභියා වූ මනෝජ් තිවාරි පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදවී ලකුණු 61 ක් රැස්කළේය.
කාසියේ වාසියේ දිනූ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලේ නායක කෙවින් පීටර්සන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් පිල නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලූ 6 දැවී ලකුණු 201 ලබා ගත්තේය.
එහිදී රාජස්ථාන් පිලේ ආරම්භක පිතිකරු අජනක්‍යා රහනේ පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 64 ක් රැුස්කරමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
සංජු සැම්සන් (40) සමග එක්වූ රහනේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත්විය.
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 කට 201
(අජනක්‍යා රහනේ 68, කරුන් නායර් 19, කෙවොන් කූපර් 32, සංජු සැම්සන් 40, ජේම්ස් ෆෝල්ක්නර් 23, ඉම්රාන් තහීර් 25/2, ශබාෂ් නදීම් 35/2)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 9 කට 139
(කෙවින් පීටර්සන් 13, මායන්ක් අගර්වාල් 17, මනෝජ් තිවාරි 61, රජත් භාතියා 18/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.