Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජස්ථාන් පිල කඩුලූ 7 කින් ජයගනී

රාජස්ථාන් පිල කඩුලූ 7 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර ෆෙරෝශා කෝට්ලා ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) පැවති තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.

ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් පිල පන්දු 9 ක් ඉතිරිව තිබයදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 73 ක් රැුස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය කරුන් නායර් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් පිලේ නායක ෂේන් වෝට්සන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට ආරාධනා කළ අතර නියමිත  ඕවර 20 ක් අවසානයේ ඔවුහු කඩුලූ 5 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්හ.

එහිදී දිල්ලි පිලේ ආරම්භක පිතිකරු ක්වොන්ටම් ඩි කොක් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.

ජේම්ස් ෆෝල්ක්නර් සහ ප‍්‍රවීන් තම්බේ කඩුලූ 2 බැගින් දවාගනිමින් දිල්ලි පිලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළහ.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 5 කට 152
(ක්වොන්ටම් ඩි කොක් 43, මුරලි විජේ 13, කෙවින් පීටසන් 14, ජේ. පී. ඩුමිනි 39, කේදර් ජාදව් නොදැවී 28, ජේම්ස් ෆෝල්ක්නර් 26/2, ප‍්‍රවීන් තම්බේ 21/2)

රාජස්ථාන් රෝයල්ස් පිල -  ඕවර 10 කදී කඩුලූ 2 කට 71
(කරුන් නායර් නොදැවී 73, සංජු සැම්සන් 34, රජත් භාතියා 17, ෂේන් වොට්සන් 16)

-036


අදහස් (0)

රාජස්ථාන් පිල කඩුලූ 7 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.