ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) රාජස්ථාන් රෝයල්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අබුඩාබි ජාත්‍යන්තර කි‍්‍රකට් අද (29 වැනිදා) පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.
දෙපිලේ ලකුණු සම වීම නිසා තරගයේ ජය සුපිරි ඕවරයයේදී තීරණය කිරීමට නියම විය. සුපිරි ඕවරයයේද ලකුණු සමවූ අතර තරගය පුරා වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කර තිබීම නිසා විස්සයි20 නීති රීති වලට අනුව තරගයේ ජය රාජස්ථාන් රෝයල්ස් පිලට හිමිවිය.
ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 152 ක් පමණි.
කොල්කටා පිල සහභාගීවූ පළමු 4 දීම අසාර්ථකවූ නායක ගෞතම් ගම්භීර් අද තරගයේදී පන්දු 44 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් රැස්කිරීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 152 ක් රැස්කළේය.
එහිදී අජන්ක්‍යා රහනේ (72) සහ නායක ෂේන් වොට්සන් (33) එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පන්දු 59 කින් වාර්තා වූ අජන්ක්‍යා රහනේගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්වූ අතර පන්දු 24 කින් වාර්තා වූ ෂේන් වොට්සන්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්විය.
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 5 කට 152
(අජන්ක්‍යා රහනේ 72, සංජු සැම්සන් 20, ෂේන් වොට්සන් 33, ස්ටීවන් ස්මිත් නොදැවී 19, විනේ කුමාර් 20/2)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 8 කට 152
(ගෞතම් ගම්භීර් 45, මනීෂ් පාන්ඬේ 19, සූර්යකුමාර් යදව් 31, ශකීබ් අල් හසන් නොදැවී 25, ජේම්ස් ෆෝල්ක්නර් 11/3, ප‍්‍රවීන් තම්බේ 31/2)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - සුපිරි ඕවරයේදී කඩුලූ 2 කට 11
(මනීෂ් පාන්ඬේ නොදැවී 8)
රාජස්ථාන් රෝයල්ස් පිල - සුපිරි ඕවරයේදී කිසිවකු නොදැවී 11
(ස්ටීවන් ස්මිත් නොදැවී 5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.