ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) කි‍්‍රකට් තරගාවලියේ බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට එරෙහිව අද (26 වැනිදා) අබුඩාබි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.
ලකුණු 71 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 13 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් පිලේ නායක ෂේන් වොට්සන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට ඕවර 15 ක් අවසානයේ කඩුලූ සියලූ දෙනා දැවී ලබාගත්තේ ලකුණු 70 ක් පමණි.
එහිදී ලකුණු 20 කට කඩුලූ 4 ක් දවාගනිමින් බැංග්ලෝර් ඉනිම සුනුවිසුණු කර දැමූ ප්‍රවීන් තම්බේ තරගයේ වීරයා බවට පත්විය.
බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල - ඕවර 15 කදී සියලූ දෙනා දැවී 70
(විරාට් කෝලි 21, මිචෙල් ස්ටාර්ක් 18, රවී රාම්පාල් 13, ප්‍රවීන් තම්බේ 20/4, කේන් රිචඞ්සන් 18/2)
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 13 කදී කඩුලූ 4 ක් දැවී 71
(අජන්ක්‍යා රහනේ 23, ෂේන් වොට්සන් 24, මිචෙල් ස්ටාර්ක් 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.