Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජස්ථාන් කඩුලූ 4 කින් හයිද්‍රාබාද් පරදවයි

රාජස්ථාන් කඩුලූ 4 කින් හයිද්‍රාබාද් පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ අබුඩාබිහි ෂේක් ශයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (18) පැවැති සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර දිනයේ දෙවැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 4 ක ජයක් ලැබීය.  

රාජස්ථාන් පිතිකරුවෝ ලකුණු 134 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 19.3 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

අජින්යා රහනේ පන්දු 53 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් රැස් කිරීමට සමත් විය.

හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශීකර් දාවන් පන්දු 34 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 38 ක් රැස් කළේය.

රාජස්ථාන් පිලේ නායක ෂේන් වොට්සන් කාසියේ වාසිය ලබා හයිද්‍රාබාද් පිලට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.


සන්රයිසස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 133 (ශීකර් දාවන් 38, ඬේවිඞ් වෝනර් 35, ලොකේෂ් රාහුල් 20, වෙන්ගෝපල් රා ඕ නොදැවී 16, දාවල් කුල්කරනි 23/2, කේන් රිචඞ්සන් 25/2, රජාට් භාටියා 22/2)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 19.3 කදී කඩුලූ 6 ක් දැවී 135 (අජින්යා රහනේ 59, ස්ටුවට් බෙනී නොදැවී 48, ඬේන් ස්ටෙයින් 29/2, අමිට් මිෂ්රා 26/2)

 

- 048

 

 


අදහස් (1)

රාජස්ථාන් කඩුලූ 4 කින් හයිද්‍රාබාද් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.