Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජසිංහ විදුහලට කඩුලු 5 ක ජයක්

රාජසිංහ විදුහලට කඩුලු 5 ක ජයක්

ශනුක අරවින්ද - 2017 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුගස්තොට රාහුල විදුහල සහ හංවැල්ල රාජසිංහ විදුහල අතර ගලගෙදරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට රාජසිංහ විදුහල සමත් විය.

රාජසිංහ විදුහලේ රණවීර ජයවර්ධන (84) අර්ධ ශතකයක් ලබාගත් අතර කසුන් හේෂාන් ලකුණු 113 කට කඩුලු 9 ක්ද, උදේෂ් කාවින්ද 77 කට කඩුලු 7 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 137
(සී. එස්. සමරසේකර 55, කසුන් හේෂාන් 57/5, උදේෂ් කාවින්ද 22/3, රණවීර ජයවර්ධන 26/2)

රාජසිංහ විදුහල පළමු ඉනිම - ඕවර 68.3 කදී සියලු දෙනා දැවී 261
(රණවීර ජයවර්ධන 84, නිමන්ත දේවගේ 43, කසුන් හේෂාන් 42, මනුරංග වීරසිංහ 37, ඩී. එම්. පරණවිතාන 64/7)

රාහුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 57.2 කදී සියලු දෙනා දැවී 194
(කේ. ඩී. කුමාර 36, සී. කේ. බන්දුසේන 44, සී. එස්. සමරසේකර 20, උදේෂ් කාවින්ද 55/4, කසුන් හේෂාන් 56/4, රණවීර ජයවර්ධන 19/2)

රාජසිංහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 20.5 කදී කඩුලු 5 ක් දැවී 71
(කසුන් හේෂාන් නොදැවී 27, ආර්. ටී. කපුකොටුව 32/4)

-036

 


අදහස් (0)

රාජසිංහ විදුහලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.