Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජසිංහ විදුහලේ වර්ණ රාති‍්‍රය 4 දා

රාජසිංහ විදුහලේ වර්ණ රාති‍්‍රය 4 දා

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හංවැල්ල රාජසිංහ මැදි විදුහලේ ප‍්‍රථම කි‍්‍රකට් වර්ණ රාති‍්‍රය අනිද්දා (4 වැනිදා) විද්‍යාලයීය ප‍්‍රධාන රංග ශාලාවේදී පැවැත්වේ.

විද්‍යාලයීය කි‍්‍රකට් දෙමාපිය සංගමය සංවිධානය කරන මෙම වර්ණ රාති‍්‍රයේදී වයස 13 න් පහළ සිට 19 න් පහළ දක්වා කණ්ඩායම් නියෝජනය කරමින් දස්කම් දැක්වූ කී‍්‍රඩකයන් ඇගැයේ.

මෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවා මහතා සහභාගි වන අතර ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක උපුල් තරංග, හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක මලින්ද වර්ණපුර සහ කි‍්‍රකට් මාධ්‍යවේදී සරත් ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.


- 036


අදහස් (0)

රාජසිංහ විදුහලේ වර්ණ රාති‍්‍රය 4 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.