බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ෂිලාත් සික්සර්ස් කණ්ඩායම සහ රාජෂාහි කිංග්ස් කණ්ඩායම අතර ඩකාහිදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට රාජෂාහි කිංග්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹා ගිය රාජෂාහි කිංග්ස් ක්‍රීඩකයෝ පන්දු 15 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
එහිදී පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 51 ක් රැස්කළ සකීර් හසන්, රාජෂාහි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. ලකුණු 97 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 25) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 53 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද හසන් සමත් විය. පන්දු 20 කදී වාර්තා වූ රහීම්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මොමිනුල් හක් (42) සහ රොනී තුලක්දාර් (24) රාජෂාහි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 36 කදී වාර්තා වූ මොමිනුල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ තුලක්දාර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහදුන් ෂිලාත් සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ සබීර් රෙහෙමාන් පන්දු 26 කදී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගිනි. ටිම් බ්‍රෙස්නන් (නොදැවී 29) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ෂිලාත් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද රෙහෙමාන් සමත් විය. පන්දු 17 ට මුහුණදුන් බ්‍රෙස්නන් සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සැරසීය.
ෂිලාත් සික්සර්ස් ඉනිමේ තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක පන්දු 37 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
ෂිලාත් සික්සර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 146
(ධනුෂ්ක ගුණතිලක 40, සබීර් රෙහෙමාන් 41, ටිම් බ්‍රෙස්නන් නොදැවී 29, කෙස්රික් විලියම්ස් 32/2)
රාජෂාහි කිංග්ස් පිල - ඕවර 17.3 කදී කඩුලු 3 ක් දැවී 150
(මොමිනුල් හක් 42, රොනී තුලක්දාර් 24, සකීර් හසන් නොදැවී 51, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 25)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.