Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර බම්බලපිටියේදී අද (06) පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 36-25 ක ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රාහි රාජකීය විදුහල් පිල ගෝල 3 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු ලැබූ අතර ශාන්ත පීතර විදුහලට උත්සාහක දිනුම් 5 කින් ලකුණු එකතු විය.
තරගය ආරම්භයේ සිටම දෙපිල කරට කර සටනක නිරත වූ අතර ලකුණු 10-10 ක් ලෙස සම තත්ත්වයේ තිබියදී පළමු අර්ධය අවසන් විය. රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 26 ක් රැස්කරමින් අපරාජිත වාර්තාව ඉදිරියට ගෙන ඒමට සමත් වූහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.