Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය විදුහලට මුල් ඉනිමේ ජයක්

රාජකීය විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රජකීය විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රජකීය විදුහල සමත් විය.

එහිදී රජකීය විදුහල් කණ්ඩායමේ නායක ගීෂාන්ත් පණ්ඩිතරත්න පන්දු 224 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 150 ක් රැස්කළේය.

රජකීය විදුහල් පළමු ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් තිරාන් ධනපාල (115) සමග එක්ව ලකුණු 170 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගීෂාන්ත් සමත් විය. පන්දු 154 කදී වාර්තා වූ තිරාන්ගේ ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.

එම විදුහලේම ලසිත් ඇඹුල්දෙණිය ඉනිම් දෙකේදීම ලකුණු 148 කට කඩුලූ 10 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

 


ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම -  ඕවර 76.5 කදී සියලූ දෙනා දැවී 253
(තරුෂ ප‍්‍රනාන්දු 66, සඳරුවන් ප‍්‍රනාන්දු 43, ප‍්‍රවීන් පෙරේරා 40, අවිෂ්ක ප‍්‍රනාන්දු 35, මිෂේන් සිල්වා 28, ප‍්‍රවීන් ජයවික‍්‍රම නොදැවී 20, ලසිත් ඇඹුල්දෙණිය 106/7, චාරුක හතුරුසිංහ 90/2)

රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 97 කදී කඩුලූ 9 ක් දැවී 371
(ගීෂාන්ත් පණ්ඩිතරත්න නොදැවී 150, තිරාන් ධනපාල 115, හේලිත විතානගේ 23, නවීන් විදානපතිරණ 21, රොනුක ජයවර්ධන 20, තරුෂ ප‍්‍රනාන්දු 57/2, නිමේෂ් බණ්ඩාර 88/2, ප‍්‍රවීන් ජයවික‍්‍රම 93/2)
 
ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 14.2 කදී කඩුලූ 3 ක් දැවී 91
(අවිෂ්ක ප‍්‍රනාන්දු 65, ලසිත් ඇඹුල්දෙණිය 42/3)

 


අදහස් (0)

රාජකීය විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.