Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය විද්‍යාලයට විශිෂ්ට ජයක්

රාජකීය විද්‍යාලයට විශිෂ්ට ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පළමු වටයේ පැවති තරගයකදී කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාල ‘බී’ කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 145ක විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාල ‘සී’ කණ්ඩායම ඊයේ(18 වැනිදා) සමත් විය. මෙම තරගය රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

රාජකීය විද්‍යාලය ඕවර 25.5 කදී, කඩුලු 5කට ලකුණු 216ක් රැස්කර සිටියදී පළමු ඉනිම අත්හිටුවනු ලැබීය. රාජකීය විද්‍යාලයේ සොනාල් කුරේගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී රාජසිංහ විද්‍යාලය පළමු ඉනිමේදී, ලකුණු 29 කටත්, දෙවන ඉනිමේදී ලකුණු 42 ටත් දැවී ගියහ. 

රාජකීය විද්‍යාල පළමු ඉනිම - ඕවර 25.5කදී කඩුලු 5කට ලකුණු 216 
(නෙතුල් තෙන්නකෝන් 66, වෙනුෂ ආකාෂ් 34, ඉමාෂ ජයකොඩි නොදැවී 43, දුලාජ් සුබපණ්ඩිත 23, දෙනෙත් තාරක 50/2 ) 

ශ්‍රී රාජසිංහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 17.1 කදී සියලු දෙනා දැවී ලකුණු 29 
(සොනාල් කුරේ 05/4, වෙනූෂ ආකාෂ් 05/3, ) 

ශ්‍රී රාජසිංහ විද්‍යාල දෙවන ඉනිම - ඕවර 17.4කදී සියලු දෙනා දැවී 42
(දනුර හේමාල්ජිත් 21, සොනාල් කුරේ 15/4, නිකිල් සිල්වා 13/3 ) 

 


අදහස් (0)

රාජකීය විද්‍යාලයට විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.