Last Update  :  2026-04-03 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය - ත්‍රිත්ව අවසන් සටන අද
ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය

රාජකීය - ත්‍රිත්ව අවසන් සටන අද

editorial - 2026 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගය හෙට (4) පස්වරු 4.15 සිට කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. 

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී රාජකීය විදුහල් කණ්ඩායම දසිස් පතිරණ විසින්ද, ත්‍රිත්ව විදුහල් කණ්ඩායම ශාන් අල්තාෆ් විසින්ද මෙහෙයවනු ලබති.  

පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 49-29 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින් ත්‍රිත්ව විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර රාජකීය විදුහල අවසන් තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 39-19 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල පරාජය කරමිනි. 

අර්ධ අවසන් පූර්ව වටයේ තරගයවලදී ලකුණු 25-05 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරමින් රාජකීය විදුහලත්, ලකුණු 32-23 ක් ලෙස මරදාන සහිරා විදුහල පරාජය කරමින් ත්‍රිත්ව විදුහලත් අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන්කරවා ගත්තේය. 


අදහස් (0)

රාජකීය - ත්‍රිත්ව අවසන් සටන අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.