Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය - ගේට්වේ පැසිපන්දු තරගය 22 දා

රාජකීය - ගේට්වේ පැසිපන්දු තරගය 22 දා

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර දෙවැනි වටරත් පැවැත්වෙන වයස 19 න් පහළ පැසිපන්දු තරගය මේ මස 22 වැනිදා කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.30 සිට පැවැත්වේ.

මෙවර තරගයේදී හේෂාන් මීතලාව විසින් රාජකීය විදුහල් කණ්ඩායමද, ඒරන් ෆොන්සේකා විසින් ගේට්වේ විදුහල් කණ්ඩායමද මෙහෙයවු ලැබේ.

ඉකුත් වසරේදී පළමු වරට පැවැති රාජකීය - ගේට්වේ පැසිපන්දු තරගයේදී ලකුණු 46-43 ක තියුණු ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

මෙම තරගයට සමගාමීව ගේට්වේ විදුහල් බාලිකා කණ්ඩායම සහ කොළඹ කාන්තා විදුහල් කණ්ඩායම අතර බාලිකා පැසිපන්දු තරගයක්ද පැවැත්වීමටද සංවිධායකයෝ කටයුතු සූදානම් කර තිබේ.

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඕස්ට්‍රේලියාවේ සහ මැලේසියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාල කටයුතු කරන අතර අඩිඩාස්, ඩයලොග්, හයිපර් ෆැක්ටරි සහ ආසිරි සමූහ ව්‍යාපාරය යන සමාගම් සහ ආයතන එහි සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරති.

 


අදහස් (0)

රාජකීය - ගේට්වේ පැසිපන්දු තරගය 22 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.