Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාගම ක‍්‍රිකට් සමාජයට මල්ටි ෆිනෑන්ස් අනුග‍්‍රහය

රාගම ක‍්‍රිකට් සමාජයට මල්ටි ෆිනෑන්ස් අනුග‍්‍රහය

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම ක‍්‍රීඩා සමාජයක් වන රාගම ක‍්‍රිකට් සමාජයට තෙවැනි වරටත් අනුග‍්‍රහය දැක්වීමට මල්ටි ෆිනෑන්ස් සමාගම ඉදිරිපත්ව සිටියි. එම අනුග‍්‍රහය පිරිනැමීමේ උත්සවය පසුගියදා කොළඹදී පැවැත්විණි.

මෙවර පළමු පෙළ තරගාවලියේ රාගම පිලේ නායකයා ලෙස ජාතික කණ්ඩායමේ උප නායක ළහිරු තිරිමාන්න කටයුතු කරන අතර දක්‍ෂ යොවුන් ක‍්‍රීඩකයකු වන උදාර ජයසුන්දර උප නායකයා ලෙස කටයුතු කරයි.

ටෙස්ට් ක‍්‍රීඩක මාලිංග බණ්ඩාර, සමීර සොයිසා, චානක විජේසිංහ, චතුර පීරිස්, අලංකාර අසංක සහ අක්ෂු ප‍්‍රනාන්දු ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ යොවුන් ක‍්‍රීඩකයෝ රැසක් මෙවර රාගම ක‍්‍රිකට් සමාජයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.

අනුග‍්‍රහය පිරිනැමීමේ උත්සවයේදී රාගම ක‍්‍රිකට් සමාජයේ සභාපති රොෂාන් අබේසිංහ මහතා පැවසුවේ රාගම ක‍්‍රිකට් සමාජයට ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමට මේ වන විට සැළසුම්කර ඇති බවත් එය වාණිජමය කටයුත්තක් ලෙස සළකා විදේශිය ආයතනයක් සහය දැක්වීමට සූදානමින් සිටින බවත්ය.

මල්ටි ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ එහි සමූහ විධායක අධ්‍යක්‍ෂ රොමේෂා සෙනරත් මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ රාගම ක‍්‍රීඩා සමාජය පෙර වර්ෂවලදී මෙන්ම මෙවර ද හොද දස්කම් දක්වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

රාගම ක‍්‍රිකට් සමාජය මෙම වසරේ 25 වැනි සංවත්සරය සැමරූ අතර එම ක‍්‍රීඩා සමාජය 1989 වසරේ ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලත් මූල්‍ය ආයතනයක් වන මල්ටි ෆිනෑන්ස් සමාගම මෙම වසරේ සිය 40 වැනි වසර සම්පූර්ණ කළේය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මල්ටි ෆිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී පුෂ්පික ජයසුන්දර මහතා විසින් රාගම ක‍්‍රිකට් සමාජ පිලේ උප නායක උදාර ජයසුන්දරට අනුග‍්‍රහක චෙක්පත නිල වශයෙන් පිරිනමන ලද අවස්ථාව....

රාගම ක‍්‍රිකට් සමාජයේ සභාපති රොෂාන් අබේසිංහ, සමූහ විධායක අධ්‍යක්‍ෂ රොමේෂා සෙනරත්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස (වමේ) සහ රාගම ක‍්‍රිකට් සමාජයේ භාණ්ඩාගාරික නිමන්ත හෙට්ටිආරච්චි (දකුණේ) යන මහත්වරු ද මෙහි වෙති. 


අදහස් (0)

රාගම ක‍්‍රිකට් සමාජයට මල්ටි ෆිනෑන්ස් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.