Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෂීඩ් ඛාන්ට එක්දින තරගාවලියත් අහිමියි

රෂීඩ් ඛාන්ට එක්දින තරගාවලියත් අහිමියි

editorial - 2024 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඇෆ්ඝනිස්තානු කණ්ඩායමේ සාර්ථකම පා දඟ පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් කොන්දේ සැත්කමකින් පසුව සුවය ලබමින් සිටින හෙයින්, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියත් ඔහුට අහිමි වී තිබේ. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 9 සිට 14 දක්වා පැවැත්වෙයි.

රෂීඩ් ඛාන් නොමැති හෙයින් ඇෆ්ඝනිස්තානු කණ්ඩායමේ පා දඟ පන්දු යවන්නා ලෙසින් කයිස් අහමඩ් නම්කර තිබේ. එස්.එස්.සී. පිටියේදී පැවැති ටෙස්ට් තරගයේදීත් පන්දු යැවූ කයිස් අහමඩ් එල්.පී.එල්. තරගාවලියේදී කොළඹ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ පළපුරුදු ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නවීඩ් සද්‍රාන් ද ශ්‍රී ලංකාවට මුහුණ දෙන එක්දින සංචිතයටත් ඇතුළත් කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සලීම් සාෆි මස්පිඬු ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ.

ඇෆ්ඝනිස්තානු කණ්ඩායම මාස 16 ක් ඇතුළත ශ්‍රී ලංකාවේ කරන ලබන තුන්වැනි සංචාරය මෙයයි.

ඇෆ්ගනිස්තාන සංචිතය: හෂ්මතුල්ලා ශහිඩි (නායකයා), රහමට් ෂා (උප නායකයා), රමනුල්ලා ගුර්බාස් (කඩුලු රකින්නා), ඉක්‍රම් අලිඛිල් (අතිරේක කඩුලු රකින්නා), ඊබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, අස්මතුල්ලා ඔමර්සායි, මොහොමඩ් නබි, ගුල්බදීන් නයිබ්, කයිස් අහමඩ්, නූර් අහමඩ්, මුජිබුර් රෙහෙමාන්, ෆයිසාල් හක් ෆාරුකි, නවීඩ් සද්‍රාන් සහ ෆරීඩ් අහමඩ් මලික්.

අතිරේක ක්‍රීඩකයෝ ෂරෆුඩීන් අෂ්රෆ්, ෂහිදුල්ලා කමල්, අබ්දුල් රහ්මාන් රහ්මානි සහ බිලාල් සාමි

 


අදහස් (0)

රෂීඩ් ඛාන්ට එක්දින තරගාවලියත් අහිමියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.