Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෂීඩ් ඛාන් කටු ඔටුන්න එපා කියයි

රෂීඩ් ඛාන් කටු ඔටුන්න එපා කියයි

editorial - 2021 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ගනිස්ථානයේ විස්සයි20 නායකත්වය ප්‍රතික්ෂේප කර ඇති රෂීඩ් ඛාන්, නායකයෙකුට වඩා ක්‍රීඩකයෙකු ලෙස තමාගේ වටිනාකම වැඩි බව තමා විශ්වාස කරන්නේ යැයි පවසා ඇත.

වත්මන් එක්දින හා ටෙස්ට් නායකයා ලෙස මැද පෙළ පිතිකරු හෂ්මතුල්ලා ෂාහිඩි පත්කර ඇත. නමුත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් තවමත් විස්සයි20 නායකයා පත්කර නොමැත.

“මට ක්‍රීඩකයෙකු ලෙස වඩා හොඳින් කටයුතු කළ හැකි බව මගේ මනසේ ඉතා පැහැදිලිව තිබෙනවා. උප නායකයා ලෙස කටයුතු කිරීම වඩාත් යෝග්‍යවන අතර නායකයාට අවශ්‍ය ඕනෑම මොහොතක මම ඔහුට උදව් කරනවා. මම එම තනතුරෙන් ඉවත්ව සිටීම වඩා හොඳයි” යැයි රෂීඩ් පවසා ඇත.

“මට ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. නායකයෙකු ලෙස විවිධ දේ ගැන සිතනවාට වඩා මගේ සාර්ථකත්වය කණ්ඩායමට ලබාදීම ඊට වඩා වටිනවා.. එසේම, එයට කාලය ගත වේවි. මේ මොහොතේ වඩාත්ම වැදගත් දෙය වන්නේ (විස්සයි 20) ලෝක කුසලානය තරමක් ආසන්නයේ පවතින බැවින් ඊට ලෑස්ති වෙන එකයි. මට ඒ සඳහා ගොඩාක් දේවල් කරන තියෙනවා” යයිද රෂීඩ් ඛාන් අන්තර්ජාතික මාධ්‍ය සේවාවන්ට පවසා තිබේ.

“කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයකු බැවින් මගේ දස්කම් වලට නායකත්වය අහිතකර ලෙෂ බලපායි කියලා මම බයයි. එබැවින් ක්‍රීඩකයෙකු ලෙස මම ඉතා සතුටට පත්වන අතර ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් මණ්ඩලය සහ තේරීම් කමිටුව කුමන තීරණයක් ගත්තත් මම එයට එකඟ වෙනවා. මම එය අගය කරනවා” යයිද පැවසීය.

“මම වරක් නායකයා ලෙස කටයුතු කළා. ක්‍රිකට් මණ්ඩලය මගේ මානසිකත්වය ගැන දන්නවා. එබැවින් මා උප නායකයා ලෙස රැඳී සිටියදීම ඔවුන් වෙනත් අයෙකු සොයමින් නායකත්වය හිස්ව තබා ගත්තේ ඒකයි” යැයි 22 හැවිරිදි රෂීඩ් පැවසීය.

මේ මස 9 වනදා ආරම්භ වන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී ලාහෝර් කොලැන්ඩර්ස් වෙනුවෙන් රෂීඩ් ක්‍රීඩා කරනු ඇත.


- 2079

 


අදහස් (0)

රෂීඩ් ඛාන් කටු ඔටුන්න එපා කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.