Last Update  :  2025-09-07 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රවීන්ගේ ශතකයට කාලය හරස් වෙයි

රවීන්ගේ ශතකයට කාලය හරස් වෙයි

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයේදී රත්ගම දේවපතිරාජ විදුහලේ රවීන් යසස් නොදැවී 98 ක් ලබාගැනීමට සමත් වුවද, තරගයේ නියමිත කාලය අවසන් වීම හේතුවෙන් ඔහුට ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි විය.

කටුනේරියේදී පැවැති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.
දේවපතිරාජ විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට අශේන් කාංචන (58) සමත් වූ අතර ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට කවිඳු ඉරෝෂ් (54) සහ සමිත් දිල්ෂාන් (50) සමත් වූහ.


දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 60.4 කදී සියලු දෙනා දැවී 212
(අශේන් කාංචන 58, අවිෂ්ක තේනුක 45, තිසර දිල්ෂාන් 34, සසිඳු සත්තර 23, ශේෂාන් උදාර 61/3, අෂේන් චාරුක 37/2, ජොජ් ප්‍රියදර්ශන 41/2)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 73.2 කදී සියලු දෙනා දැවී 198
(කවිඳු ඉරෝෂ් 54, සමිත් දිල්ෂාන් 50, ශේෂාන් උදාර 43, සුදීර වීරරත්න 33/4)

දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 59 කදී කඩුලු 8 ක් දැවී 218  
(රවීන් යසස් නොදැවී 98, තිසර දිල්ෂාන් 29, ජෝජ් ප්‍රියදර්ශන 65/3, දමිත් කෝසල 38/2)

 


අදහස් (0)

රවීන්ගේ ශතකයට කාලය හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.