Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රවිඳු ලක්සිරි දෙවැනි වටයෙන් ඉවතට

රවිඳු ලක්සිරි දෙවැනි වටයෙන් ඉවතට

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු දිනය වූ අද (5 වැනිදා) පැවැති දෙවැනි වටයේ ස්කොෂ් පිරිමි කේවල තරගයකදී පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරිට එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

අද පෙරවරුවේදී පැවැති ස්කොෂ් පිරිමි කේවල ඉසව්වේ මූලික වටයේ තරගයකදී ෆීජී ක්‍රීඩක රෝමිත් පර්ෂෝත්තම් වට 3-0 ක් ලෙස පරාජය කරමින් රවිඳු දෙවැනි වටයට සුදුසුකම් ලාබගත්තේය. එහෙත් අද පස්වරුවේදී පැවැති දෙවැනි වටයේ තරගයේදී ස්කොට්ලන්ත ක්‍රීඩක ග්‍රෙග් ලොබ්බන් හමුවේ වට 3-0 ක් ලෙස පරාජය වීම නිසා ඔහුට පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

අද පැවැති ස්කොෂ් කාන්තා කේවල ඉසව්වේ මූලික වටයේ තරගයකදී නවසීලන්තයේ ඇමැන්ඩා ලැන්ඩර්ස් හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත් වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකා මිහිලියා මෙත්සරණිටද තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූවාය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූ තරග

  • පිරිමි කේවල පළමු වටය

රවිඳු ලක්සිරි (ශ්‍රී ලංකාව) විසින් තරග වට 3-0 ක් ලෙස රෝමිත් පර්ෂෝත්තම් (ෆීජී) පරාජය කරන ලදි. (11/2, 11/2, 11/5)

  • පිරිමි කේවල දෙවැනි වටය

ග්‍රෙග් ලොබ්බන් (ස්කොට්ලන්තය) විසින් තරග වට 3-0 ක් ලෙස රවිඳු ලක්සිරි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/8, 11/8, 11/6)

  • කාන්තා කේවල පළමු වටය

ඇමැන්ඩා ලැන්ඩර්ස් (ස්කොට්ලන්තය) විසින් තරග වට 3-0 ක් ලෙස මිහිලියා මෙත්සරණි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (12/10, 11/9, 11/4)

 

-036

 


අදහස් (0)

රවිඳු ලක්සිරි දෙවැනි වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.