Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ඉනිමක සහ ලකුණු 12 ක ජයක් ලබාගැනීමට පානදුර මහනාම විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය පානදුර ශාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රවිඳු නෙත්පහන් ඉනිම දෙකේදී ලකුණු 53 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වමින් පානදුර මහනාම විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල- පළමු ඉනිම - ඕවර 27.2 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(ශෙරන් ලියනගේ 34, ටිශාන් අවිෂ්ක 22/4, රවිඳු නෙත්පහන් 26/4, ඩිල්ශාන් මදුශංක 20/2)
මහනාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 206
(සුදේව පිරීස් 52, පුබුදු රෙශාන් 38, අරණ ටිමෝල්ඞ් 32, අවිෂ්ක අනුරුධ 22, නවෝද් කළුපහන 21/2, ඩෙවින් රොඞ්රිගූ 38/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල- දෙවැනි ඉනිම - ඕවර 31.5 කදී සියලුදෙනා දැවී ලකුණු 99
(අදිත ඉද්දමල්ගොඩ නොදැවී 24, රවිඳු නෙත්පහන් 27/4, ඩිල්ශාන් මදුශංක 32/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.