බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 7 වැනි සතිය නිමාවන ඉකුත් සතිය තුළ තමන්ට අහිමිවූ සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ නැවතත් තමන් සතු කරගැනීමට ඡන්ද 8984 කට හිමිකම් කියන කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ සමත්වී තිබේ.
ඉකුත් සතිය තුළදී ඡුන්ද 3526 ක් ලබාගෙන ඇති රන්දේව්, කඳාන ද මැසිනොද් විදුහලේ ලහිරු වික‍්‍රමසිංහ පසුපසට ඇද දමමින් එම කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට අවස්ථාව උදාකරගෙන ඇත. ලහිරු වික‍්‍රමසිංහ ගෙවී ගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 1667 ක් පමණි.
ඒ අනුව කඳාන ද මැසිනොද් විදුහලේ ලහිරු වික‍්‍රමසිංහ සහ පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් පිළිවෙලන් ඡන්ද 8271 ක් සහ 5233 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල රැදී සිටිති.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින ලේටන් පාර්ක් විදුහලේ රසාංජන මල්ලිකාරච්චි, මේ සතිය තුළදී ලබාගත් ඡුන්ද 582 ත් සමග මුළු ඡන්ද 3725 ක් ලබාගෙන තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ රොමේෂ් මධුෂාන්ට මේ සතිය තුළදී ලබාගනීමට හැකිවී තිබෙන්නේ ඡන්ද 6 ක් පමණි. ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 3556 කි.
නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ලහිරු, ගෙවී ගිය සතිය තුළදී ඡුන්ද 185 ක් ලබාගෙන තම ඡුන්ද සංඛ්‍යාව 1061 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්වී තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය, ඡුන්ද 837 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ලහිරු විමුක්තිට හිමිවී තිබේන අතර මේ සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 21 කි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශනවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 8984 |
| ලහිරු වික‍්‍රමසිංහ | කඳාන ද මැසිනොද් විදුහල | 8271 |
| අකිල ලක්ෂාන් | පානදුර රාජකීය විදුහල | 5233 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 3038 |
| ඒ. කේ. ටිරෝන් | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 2509 |
| පි‍්‍රයමාල් පෙරේරා | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 2490 |
| නිමේෂ් ගුණසිංහ | කටුගස්තොට ශා. අන්තෝනි විදුහල | 2417 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස්කුමර විදුහල | 2049 |
| සදීර සමරවික‍්‍රම | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1778 |
| යශාන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1419 |
| තිමිල විද්‍යාසේකර | කොළඹ ඞී. එස්. සේනානායක විදුහල | 1209 |
| ශෙහාන් වීරසිංහ | කොළඹ සහිරා විදුහල | 801 |
| මින්හාජ් ජලීල් | කොළඹ තර්ස්ටන් විදුහල | 785 |
| සල්මන් ෆසීල් | කොළඹ සහිරා විදුහල | 657 |
| දිනෙත් ලංකා | මහනුවර ධර්මරාජ විදුහල | 542 |
| දිලංක සඳසේකර | කොළඹ ආනන්ද විදුහල | 480 |
| මධුෂාන් චමීර | කොළඹ ඉසිපතන විදුහල | 433 |
| තිලක්ෂ සුමනසිරි | ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල | 423 |
| චතුරංග රාජපක්ෂ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 350 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| ධනුෂ්ක ළහිරු | ගාල්ල විද්‍යාලෝක විදුහල | 1061 |
| ළහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 837 |
| කළණ හසරංග | මාතර රාහුල විදුහල | 504 |
| හර්ෂ රාජපක්ෂ | මාතර රාහුල විදුහල | 416 |
| ලසිත ලක්ෂාන් | මාතර ශාන්ත තෝමස් විදුහල | 319 |
| සචින් ජයකොඩි | වත්තල ශාන්ත අන්තෝනි විදුහල | 137 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| රසාංජන මල්ලිකාරච්චි | නුගේගොඩ ලයිසියම් විදුහල | 3725 |
| රොමේෂ් මධුෂාන් | ලේටන් පාර්ක් විදුහල | 3556 |
| ෆර්සත් ෆාසල් | කොළඹ ගේට්වේ විදුහල | 319 |
| නිමේෂ පෙරේරා | වත්තල ලයිසියම් විදුහල | 38 |
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. ආනන්ද ජයතිලක මහතා - උයන්වත්ත, නාරම්මල
2. නිහාල් රංජිත් මහතා - අංක 82, රාහුල පාර, මාතර
3. නන්ද නිර්මල මහතා - ගොකරැල්ල හන්දිය, තලාව පාර, කැකිරාව
4. ඞී. චන්මුගම් මහතා - අංක 118, පාගොඩ පාර, නුගේගොඩ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.