Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටු විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 65 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (18 වැනිදා) ජය පැරදුමකින් තොරව අවසන් විය.
ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 116 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණ දුන් මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 156 ක් රැස්කළහ.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ අනුක ජයසිංහ ලකුණු 62 කට කඩුලු 7 ක් දවාගනිමින් මොරටු විද්‍යාලයේ දෙවැනි ඉනිමද සුනුවිසුණු කර දැමීය. පළමු ඉනිමේදී දවාගත් කඩුලු 7 ත් සමග අනුක මෙවර රන් හටනේදී දවාගත් මුලු කඩුලු සංඛ්‍යාව 14 කි.
පළමු දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 128 ක් ලබා සිටි ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 109 ක් එක්කර ගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ හරිත් ලක්ෂාන් (71) සුමංගල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.
මොරටු විද්‍යාලය පළමු ඉනිම - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 121
(නිෂාන් මදුෂ්ක 60, රයන් ද සොයිසා 27, අනුක ජයසිංහ 38/7, නිපුන දේෂාන් 30/3)
ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම - ඕවර 66.1 කදී කඩුලු 9 ක් දැවී 237
(හරිත් ලක්ෂාන් 71, ජීවන් සූසා 46, පුලිත යසස් 24, නිපුන දේෂාන් 23, සමිත් යසන්ත 20, රෂේන් කවිෂ්ක 41/3, ෂෙහාන් ජීවන්ත 30/2, නිරාජ් කවිෂ්ක 48/2)
මොරටු විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 80.1 කදී සියලු දෙනා දැවී 156
(නිෂාන් මදුෂ්ක 28, ෂේහද සොයිසා 26, දිල්ෂාන් දුලක්ෂණ 24, අනුක ජයසිංහ 62/7)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.