Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන් සටන 21-22 මොරටුවේදී

රන් සටන 21-22 මොරටුවේදී

editorial - 2023 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර පැවැත්වෙන 73 වැනි ‘රන්  සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (21 වැනිදා) සහ අනිද්දා (22 වැනිදා) යන දිනවලදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයට සමගාමීව පැවැත්වෙන 38 වැනි වාර්ෂික එක්දින තරගය 23 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

මෙවර මහ ක්‍රිකට් තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සන්දේෂ් ප්‍රනාන්දුට පැවරී තිබේ. එහිදී තක්ෂිලා විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ඔමේෂ් මෙන්ඩිස්ට හිමිව තිබේ. මහේන් සිල්වා ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ උප නායකයා ලෙසත්, සුමල්ක ප්‍රනාන්දු වේල්ස් කුමර විදුහල් කණ්ඩායමේ උප නායකයා ලෙසත් කටයුතු කරති.

දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ ක්‍රිකට් තරග 72 දී ජයග්‍රහණ 6 ක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත්ව ඇති අතර ශාන්ත සෙබස්තියන් විදුහල තරග 4 ක් ජයගෙන තිබේ. සෙසු තරග ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව ඇත. මෙතෙක් පැවති එක්දින තරග 37 න් තරග 18 ක් ජයගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත්ව ඇති අතර වේල්ස් කුමර තරගය 15 ක් ජයගෙන තිබේ. එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන්ව ඇති අතර සෙසු තරග 3 අත්හැර දමා තිබේ.  

මෙවර 19 න් පහළ තරගවාරය තුළ තරග තරග 16 කට සහභාගි වූ ශාන්ත සෙබස්තියන් විදුහල, එහිදී  පූර්ණ ජයග්‍රහණ 4 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 11 ක් ලබා ඇති අතර සහ සෙසු තරගයේදී පළමු ඉනිමේ පරාජයක් ලබා ඇත. අන්තර් පාසල් 19 න් පහළ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල මලියදේව විදුහල හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබීම හේතුවෙන් ඔවුන්ට එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

මෙවර 19 න් පහළ තරගවාරය තුළ තරග තරග 16 කට සහභාගි වූ වේල්ස් කුමර විදුහල, එහිදී පූර්ණ ජයග්‍රහණ 6 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් ලබා ඇත. එක් තරගයකදී පූර්ණ පරාජයක් ලබා ඇති වේල්ස් කුමරුවෝ, සෙසු තරග 4 දී පළමු ඉනිමේ පරාජයන් ලබා ඇත. කෙසේ වුවත් මෙවර අන්තර් පාසල් 19 න් පහළ තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත් වූ ඔවුහු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වූහ.


ශාන්ත සෙබස්තියන් විදුහල
ඉදිරි පෙළ වමේ සිට - කැලුම් පෙරේරා මහතා (අභ්‍යාසක), කනිෂ්ක පෙරේරා මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), මහේන් සිල්වා (උප නායක), දිලූෂ චාමර පෙරේරා පියතුමන් (ක්‍රීඩා පාලක), සංජීව මෙන්ඩිස් පියතුමන් (අදියුරු පියතුමා), සන්දේෂ් ප්‍රනාන්දු (නායක), බ්‍රැඩ්මන් එදිරිවීර මහතා (ප්‍රධාන පුහුණුකරු), අසංක පෙරේරා මහතා (සහාය පුහුණුකරු)
දෙවැනි පෙළ වමේ සිට - අගිත කුඩලිගම, ටිරාල් බාස්කරන්, නවෝද් ප්‍රනාන්දු, විමත් දින්සර, අදීෂ් අල්මේදා, නදීෂ් ප්‍රනාන්දු, ආලෝක ප්‍රනාන්දු, ජනක සිල්වා සහ නිලාෂ් පෙරේරා
තෙවැනි පෙළ වමේ සිට - සජන් විජේරත්න, දිනෙත් මල්ලවාරච්චි, රයන් දිසානායක, මනුජ චන්තුක, යෂින් ප්‍රනාන්දු, රුවනෙත් කුමාරදාස, සෙනෙෂ් ප්‍රනාන්දු සහ සසිඳු ප්‍රාර්ථන

 


වේල්ස් කුමර විදුහල
ඉදිරි පෙළ වමේ සිට - ආර්.ඒ. සංජය මහතා (සහාය පුහුණුකරු), තරිඳු අමරසිංහ, කසුන් දේවප්‍රිය මහතා (ක්‍රීඩා පාලක), රංජිත් අයිලප්පෙරුම මහතා (නියෝජ්‍ය විදුහල්පති), ඔමේෂ් මෙන්ඩිස් (නායක), කේසර වෙත්තමුනි මහතා (විදුහල්පති), සුමල්ක ප්‍රනාන්දු (උප නායක), සරත් තිලකරත්න මහතා (ක්‍රීඩා භාර අචාර්ය), කැලුම් ප්‍රනාන්දු මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ සමීර ප්‍රනාන්දු මහතා (භෞතචිකිත්සක)
පසු පෙළ වමේ සිට - නෙතුල් අනුහස්, රසිඳු ප්‍රනාන්දු, බාසුරු කල්හාර, ඔෂාන් ද සිල්වා, උනෙත් පීරිස්, අචල පෙරේරා, සුහස් ගෞරව, රිවිත් ජයසූරිය, ප්‍රින්ස් ප්‍රනාන්දු, ගවීෂ රොහාන්, ප්‍රසන්න ලක්මිණ, පසන් කුරේ සහ රනුක රොද්‍රිගූ

 


අදහස් (0)

රන් සටන 21-22 මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.