Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැති 9 වැනි ‘රනිල් විජේසේකර’ අභියෝග කුසලාන වාර්ෂික බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට රාජකීය විදුහල සමත් විය.
අවුරුදු 16 න් පහළ සහ 19 න් පහළ ලෙස වයස් කාණ්ඩ 2 ක් යටතේ පැවැති මෙම තරගාවලියේදී 16 න් පහළ තරගාවලිය කේවල තරග 3 කින්ද, 19 න් පහළ තරගාවලිය කේවල තරග 3 කින් සහ යුගළ තරගයකින්ද සමන්විත විය.
එහිදී තරග 3-0 ක් ලෙස වයස 16 න් පහළ තරගාවලිය ජයගත් රාජකීය ක්‍රීඩකයෝ වයස 19 න් පහළ තරගය ජයගත්තේ තරග 3-1 ක් ලෙසිනි. මෙම තරගාවලිය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
වයස 16 න් පහළ තරග
රාජකීය විදුහල විසින් තරග 3-0 ලෙස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.
■ කවිත් ජයසූරිය (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සංගීත් ගුණවර්ධන (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (21/14, 21/11)
■ සතීර කරුණාසිංහ (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පසිඳු පීරිස් (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (21/06, 21/15)
■ නෙතුල් ලියනගේ (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස තනුෂ්ක ගුණවර්ධන (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (21/10, 21/08)
වයස 19 න් පහළ තරග
රාජකීය විදුහල විසින් තරග 3-1 ලෙස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.
■ නිලේෂ් විජේසේකර (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පසිඳු වනසිංහ (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (21/12, 21/13)
■ ලක්ෂාන් මෙන්ඩිස් (සා. තෝමස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස දිනුක කළුආරච්චි (රාජකීය විදුහල) පරාජය කරන ලදි. (21/18, 13/21, 22/20)
■ තවින් රණබාහු (රාජකීය විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස රෙහාන් විජේසේකර (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (19/21, 21/10, 21/16)
■ හරිඳු අධිකාරි සහ සහ තවින් රණබාහු (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පසිඳු වනසිංහ සහ රෙහාන් විජේසේකර (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (21/16, 21/14)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.