Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි නායකත්වය මුතුතන්ති‍්‍රට

රග්බි නායකත්වය මුතුතන්ති‍්‍රට

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී මේ මස 8 වැනිදා ආරම්භ වන ආසියානු පළමු කොටසේ සිවුකොන් රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස සුදර්ශන මුතුතන්ති‍්‍ර නම්කර තිබේ. මෙහිදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක රොෂාන් වීරරත්න මග හරිමින් කනිෂ්ඨ ක‍්‍රීඩකයකු වන සුදර්ශන මුතුතන්ත‍්‍රිට නායකත්වය දී ඇති බවට චෝදනා එල්ල වේ.

තවද මෙම සංචිතයට ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිවල ශූරයන් වන මහනුවර ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයන් පස්දෙනකු පමණක් ඇතුළත්ව සිටියදී ලීග් අනු ශූරයන් වූ හැවිලොක්ස් පිලේ ක‍්‍රීඩකයන් අට දෙනකු ඇතුළත්ව සිටින බවට ද චෝදනාවක් එල්ල වේ.  

මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන රොෂාන් විරරත්න 2010 වසරේ සිට ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර සුදර්ශන මුතුතන්ත‍්‍රි 2014 වසරේ ශ්‍රී ලංකා පිලට එකතු වී තිබේ.

මෙම චෝදනාව පිළිබඳව කළ විමසුමකදී ජාතික රග්බි තේරීම් කමිටුවේ සභාපති මයිකල් ජයසේකර මහතා පැවසුවේ තේරීම් කමිටුව සහ කණ්ඩායම් කළමණාකාරිත්වය දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් පසුව මුතුතන්ත‍්‍රි නායකත්වයට පත්කිරීමට තීරණය කළ බවයි.

”නායකයා පත්කිරීමේදී අපේ අවධානය යොමු වුණේ රොෂාන් සහ මුතුතන්ත‍්‍රි යන දෙදෙනාටයි. එහිදී අපේ පුහුණුකරු කිව්වා මුතුතන්ත‍්‍රි පුහුණුවීම්වලදීත් නායකත්වයේ ලක්‍ෂණ වීරරත්නට වඩා පෙන්නපු බව. ඒ වගේම ඔහු සත් සාමාජික පිලෙත් නායකයා ලෙස කටයුතු කර තිබෙනවා”

”ෂෙහාන් පතිරණ, රිචඞ් ධර්මපාල, නයිජල් රත්වත්තේ, ශ්‍රීනාත් සූරියබණ්ඩාර ඇතුළු මහනුවර ක‍්‍රීඩකයන් හය දෙනෙක් විදේශගතවීම සහ ආබාධයන්ට ලක්වීම යන හේතු නිසා පුහුණුවීවලට පැමිණියේය නෑ. අබාධයකට ලක්ව සිටින හිටපු නායක ෆාෂීල් මරීජා සමඟ මහනුවර ක‍්‍රීඩකයන් හතක් ඉවත්වුණා. ඒ ක‍්‍රීඩකයන් සිටියා නම් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණා නම් මහනුවර ක‍්‍රීඩකයන් 10 කට වඩා ඇතුළත් වෙනවා” යැයි ජයසේකර මහතා වැඩි දුරටත් පැවසීය.


ශ්‍රී ලංකා රග්බි සංචිතය:
සුදර්ශන මුතුතන්ත‍්‍රි (නායක), රොෂාන් වීරරත්න (උප නායක), දුෂ්මන්ත ප‍්‍රියදර්ශන, ප‍්‍රසාද් මධුසංඛ, ගනුක දිසානායක, ජේසන් මෙල්ඩර්, ශරෝ ප‍්‍රනාන්දු, ජේසන් දිසානායක, බුවනක උඩන්ගමුව, චානක චන්දිමාල්, කවිඳු පෙරේරා, කාංචන රත්නායක, ධනුෂ්ක රංජන්, සඳුන් හේරත්, රීසා මුබාරක්, අචල පෙරේරා, ක‍්‍රිෂෝ ජෙහාන්, සයුරු ඇන්තනී, එන්. ප‍්‍රසාද්, කෙවින් ඩික්සන්, භානුක නානායක්කාර, ඔමල්ක ගුණරත්න, දෙනුක දයාන්, රාහුල් ද සිල්වා සහ ජනික් ජයසූරිය

 

 


අදහස් (0)

රග්බි නායකත්වය මුතුතන්ති‍්‍රට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.