Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රංජිත් අන්තර්ජාතික කමිටුවකට පත්වෙයි

රංජිත් අන්තර්ජාතික කමිටුවකට පත්වෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ජාතික සම්මේලන කමිටුවේ සභික ධුරයකට පත්කර තිබේ. අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජෝෂප් බ්ලැටර් මහතා විසින් මෙම පත්කිරීම කරනු ලැබ ඇත.

මේ වනවිට ආසියානු පාපන්දු සමුළුවේ සංවර්ධන කමිටුවේ ද සභික ධුරයක් දරන රුද්‍රිගු මහතා අන්තර් ජාතික පාපන්දු සමුළුවේ ජාතික සම්මේලන කමිටුවට ආසියාවෙන් පත් වූ සභිකයන් තිදෙනාගෙන් එක් අයෙකි.

ලබන සැප්තැම්බර් මාසයේදී ස්විටිසර්ලන්තයේ ”ජිනීවා” නුවර අන්තර්ජාතික පාපන්දු සම්මේලන මූලස්ථානයේදී පැවැත්වෙන එම කමිටුවේ රැස්වීමටද රුද්‍රිගු මහතා සහභාගිවීමට සූදානමින් සිටියි.

එම කමිටුවේ කාර්යභාරය වන්නේ සාමාජික රටවල ජාතික පාපන්දු සම්මේලන ක‍්‍රියාකාරීත්වය පිළිබඳව නිරීක්‍ෂණය කරමින් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය දැනුම්වත් කිරීමය.

 


අදහස් (1)

රංජිත් අන්තර්ජාතික කමිටුවකට පත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.