Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල මහින්ද විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර පැවැති 112 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඞ් විදුහල ඕවර 33.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර නායකත්වයේ පිතිහරඹයක නිතර වූ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 84 ක් රැස්කරමින් රිච්මන්ඞ් විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල ඕවර 46.4 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 169 ක් රැස්කළ අතර එහිදී මහින්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට නවෝද් පරණවිතාන (66) සමත් විය.
කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර රිච්මන්ඞ් විදුහලේ සඳුන් මෙන්ඩිස් සහ අවිඳු තීක්ෂණ පිළිවෙලින් දක්ෂතම පන්දුයවන්නා සහ දක්ෂතම පන්දු රකින්නා ලෙසත්, මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන දක්ෂතම පිතිකරුවා ලෙසත් සම්මාන දිනාගත්හ.
මහින්ද විදුහල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 169
(නවෝද් පරණවිතාන 66, ප්‍රමීත් හංසික 31, විනුර දුල්සර 21, සඳුන් මෙන්ඩිස් 30/3, අවිඳු තීක්ෂණ 29/2)
රිච්මන්ඩ් විදුහල - ඕවර 33.3 කදී කඩුලු 2 ක් දැවී 172
(කමිඳු මෙන්ඩිස් නොදැවී 84, ආදිත්‍ය සිරිවර්ධන 38)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.