ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී්රිඩාංගණයේදී ඉකුත් සති අන්තයේදී පැවැති 110 වැනි රිච්මන්ඞ් - මහින්ද මහා කි‍්‍රකට් තරඟයෙන් (ආදරවන්තයන්ගේ සටන) මහින්ද විද්‍යාලයීය කණ්ඩායම පරදවා රිච්මන්ඞ් විදුහල ඉනිමක සහ ලකුණු 26 ක ජයක් ලැබීය.
කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඞ් කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා මහින්ද විදුහලට ආරාධනා කළේය. මහින්ද පළමු ඉනිම ඕවර 60.3 දී ලකුණු 173 ට සිමා විය. ගිහාන් ධනුෂ්ක (50) මහින්දය වෙනුවෙන් එකම අර්ධ ශතකය ලබාගත් අතර රිච්මන්ඞ් කණ්ඩායමේ අවිඳු තීක්ෂණ ලකුණු 24 ට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත්විය.
රිච්මන්ඞ් කණ්්ඩායම වේගවත් පිතිහරඹයක යෙදෙමින්, පළමු දිනය අවසානයේ කඩුළු තුනක් පමණක් දැවීලකුණු 204 ක් රැුස්කරගත් අතර දෙවැනි දිනයේ දී කඩුළු අටක් දැවී ලකුණු 275 ක් ලබා පළමු ඉනිම අත්හිටවූයේ ලකුණු 102 ක් ඉදිරියෙන් සිටිමිනි. සිය පළමු ඉනිම සඳහා රිච්මන්ඞ් කණ්ඩායම වැය කැර තිබුණේ ඕවර 47ක් පමණි.
රිච්මන්ඞ් කණ්ඩායමේ නායක සිතාර ගිම්හාන් (67) හා චරිත් අසලංක (100) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. එය රිච්මන්ඞ් - මහින්ද මහ තරඟ ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම සම්බන්ධතාවයි.
වයස අවුරුදු 19 න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ද වන චරිත් අසලංක සිය ශතයකය වාර්තා කළේ පන්දු 107 කිනි. එම ශතකය ලබා ගනිද්දී ඔහු හතරේ පහර 12 ක් හා හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණි. සිතාර ගිම්හාන් සිය ලකුණු 67 ලබා ගත්තේ පන්දු 70 කිනි. ඊට හතරේ පහර 4 ක් හා හයේ පහරක් ඇතුළත් විය.
ලකුණු 102ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ මහින්දයට ලබාගත හැකි වූයේ ලකුණු 76 ක් පමණි. වමතින් පා දඟ පන්දු යවන සවීන් නානායක්කාර ලකුණු 26 කට කඩුළු 6 ක් දවාගත් අතර චරිත් අසලංක ලකුණු 12 ට කඩුලූ 3 ක් දවා ගත්තේය.
තරඟයේ වීරයා සහ දක්ෂතම පිතිකරුවා ලෙස රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංකද, දක්ෂතම පන්දු යවන්නා ලෙස රිච්මන්ඞ් විදුහලේ සවීන් නානායක්කාරද, දක්ෂතම පන්දු රකින්නා ලෙස රිච්මන්ඞ් විදුහලේම පසිඳු බිම්සරද සම්මාන දිනාගත්හ.
මහින්ද විදුහල - පළමු ඉනිම ඕවර 173
(ගිහාන් ධනුෂ්ක 50, සුරේෂ් ද සිල්වා 27, සචික උදාර 21, අවිඳු තීක්ෂණ 4/24, චරිත් අසලංක 3/54)
රිච්මන්ඞ් විදුහල - පළමු ඉනිම කඩුලූ 8 ට 275
(චරිත අසලංක 100, සිතාර ගිම්හාන් 67, කවිඳු මෙන්ඩිස් 29, වනිඳු හසරංග 22, චමෝද් පියුමාල් (නොදැවී 21) කි‍්‍රෂාන් රංජිත් 31/2, පසිඳු දිල්ශාන් 80/2)
මහින්ද විදුහල - දෙවැනි ඉනිම 76
(ඉෂාර අකලංක 16, සවීන් නානායක්කාර 26/6, චරිත් අසලංක 12/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.