ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (22) අවසන් වූ 109 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ මහ ක‍්‍රිකට් තරගයෙන් රිච්මන්ඞ් විදුහලට ඉනිම සහ ලකුණු 3 ක ජයක් හිමිවිය.
රිච්මන්ඞ් විදුහල අවසන් වරට 1969 වසරේ රොහාන් ජයවර්ධනගේ නායකත්වයෙන් ජය ලබා සිටි අතර මෙම ජයග‍්‍රහණය වසර 45 කට පසුව ලැබීම කැපී පෙනේ.
ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 129 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි මහින්ද විදුහල ලකුණු 126 කට කඩුලූ 9 ක් බවට පත්ව සිටියදී පේ‍්‍රක්‍ෂකයන් ක‍්‍රීඩාංගණයට කඩා වැදීම නිසා පැයකට අධික කාලයක් තිබියදී තරගය අත්හිටුවීය.
තරග තීරක බැසිල් පෙරේරා මහතා පසුව රිච්මන්ඞ් විදුහලට ජයග‍්‍රහණය ලබා දීමට තීරණය කළේය.
මෙහිදී රිච්මන්ඞ් විදුහලේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරගාවලියට ද සහභාගි වූ ඒ. කේ. ටිරෝන් (137) ශතකයක් රැස් කිරීමට සමත් විය. ඉන් නොනැවතුණු ටිරෝන් මහින්ද විදුහල පළමු ඉනිම ලකුණු 128 කට සීමා කරමින් කඩුලූ 6 ක් ද දවා ගත්තේය.
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම ඕවර 51.3 කදී කඩුලූ 9 ට 257 (ඒ. කේ. ටිරෝන් 137, වනිදු හසරංග 25, පසිඳු බිම්සර 27, මලිත් මහේල 27/2, දිලාෂ් උදයංග 22/2)
මහින්ද විදුහල පළමු ඉනිම ඕවර 68.2 කදී සියලූ දෙනා දැවී 128 (මලිත් මහේල 32, ඒ. කේ. ටිරෝන් 35/6, තිසර භානුක 11/2) සහ දෙවැනි ඉනිම ඕවර 68 කදී කඩුලූ 9 ට 126 (මලිත් මහේල 44, නිලංක ලක්සිරි 28, චමෝද් පියුමාල් 8/2, තිසර භානුක 31/4, වරුණ දේශප‍්‍රිය 28/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.