රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (20 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා නිතී විද්‍යාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට තොරතුරු තාක්ෂණය පිළිබඳ ආසියා - ශාන්තිකර ආයතන කණ්ඩායම (ඒ.පී.අයි.අයි.ටී.) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් තාරතුරු තාක්ෂණය පිළිබඳ ආසියා - ශාන්තිකර ආයතන කණ්ඩායමට ජයග්‍රහණය කරා රැගෙනා යාමට යොහාන් ගුණවර්ධන සමත්විය.
නිතී විද්‍යාලය - ඕවර 16.4 කදී සියලුදෙනා දැවී ලකුණු 69
(ආර්.ජයතිලක 23, කේ.ලයි නොදැවී 20, යොහාන් ගුණවර්ධන 11/5, සචින් ජයසූරිය 05/2)
ඒ.පී.අයි.අයි.ටී. - ඕවර 10.3 කදී කිසිවකු නොදැවී ලකුණු 70
(දිලූෂ විතානගේ නොදැවී 46)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.