Last Update  :  2025-07-14 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොනෙක්ස් සන්රයිස් බැඩ්මින්ටන් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 41 ක්

යොනෙක්ස් සන්රයිස් බැඩ්මින්ටන් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 41 ක්

editorial - 2025 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියානු බැඩ්මින්ටන් සංගමය සංවිධානත්වයෙන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන යොනෙක්ස් සන්රයිස් ජාත්‍යන්තර කනිෂ්ඨ ගෝන් ප්‍රී බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 41 දෙනෙක් සහභාගි වී සිටිති.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 22 දෙනක් සහ ක්‍රීඩකයන් 19 දෙනක් ඇතුළත් වෙති. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ හා ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය යටතේ මෙම ශූරතාවලිය සංවිධාන කෙරෙනු ඇත. 

ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් සංචිතයෙන් ක්‍රීඩකයන් 8 දෙනක් තරගාවලියේ පිරිමි කේවල තරග සඳහා සහභාගි වන අතර ක්‍රීඩිකාවෝ 11 දෙනෙක් කාන්තා කේවල තරග සඳහා සහභාගි වෙති. පිරිමි යුගල තරග ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙක්ද, කාන්තා යුගල තරග ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 17 දෙනෙක්ද එක්ව සිටිති. 

මෙම ශූරතාවලියේදී අවුරුදු 19 න් පහළ, අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර මෙය කලාපීය ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවාගැනීම සඳහා මෙම ශූරතාවලිය අතිශය වැදගත් වනු ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ නිලධාරීන් 8 දෙනක්ද සංචාරයට එක්වී සිටින අතර ඔවුන් අතරින් හරිඳු උදයංග, මොහොමඩ් ෂිෆාඩ්, නිලූෂ පෙරේරා සහ සුසන්ත විජේන්ද්‍ර යන මහත්වරු පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. ශ්‍යාමලී රත්නායක මහත්මිය කණ්ඩායමේ කළමනාකාරිණිය සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙස කටයුතු කරන අතර තරංගා ජයනෙත්ති සහ ෂශිකලා අමරසිංහ මහත්මියන් ක්‍රීඩිකාවන් භාර අතිරේක නිලධාරිණියෝ ලෙස කටයුතු කරති. ඊට අමතරව ධම්මිකා පලඟසිංහ මහත්මියද සහාය නිලධාරිණියක ලෙස කණ්ඩායමට එක්වී සිටින්නීය. 


පිරිමි කණ්ඩායම
යසිරු ජයවර්ධන, හංසක රණසිංහ, රන්හිරු මදුරාවල, දිනේන්ද්‍ර රොඩ්‍රිගෝ, සිතික රෙසඳුල්, විහස් යාපා, ඩිමල් විතාන, තිසල් වඩුගේ, දෙව්මින් පෙරේරා, සදේව මනිමේන්ද්‍ර, සනුත් පලඟසිංහ, නවීන් ගීකියනගේ, හරිඳු වේරදූවගේ, යසිත් ද සිල්වා, ලක්මිත පීරිස්, සනූජ බණ්ඩාර, සදෙව් කංකානම්ගේ, පමුදු රන්දිලිගම සහ සෙනුද රාජපක්ෂ 

කාන්තා කණ්ඩායම
අමායා නවරත්න, ලෙහන්සා ජයසූරිය, දිහන්සා උමගලිය, විනුති රණසිංහ, රිසිනු අමුගොඩ, සනුදි නෙවින්‍යා, යෙනාරා වික්‍රමසිංහ, මතීෂා ද සිල්වා, නිශේලි සමරරත්න, මියැසි විතානගේ, යෙනුලි ලියනගේ, සහේලි කලුතරආරච්චි, අබිමානි පද්ම බණ්ඩාර, චතුමි කවිහාර, තෙනුකි ද සිල්වා, සනුකි තෙහන්සා, සනුති ගුරුසිංහ, නිතිනි ගුරුගේ, මනුලි මෙතාරා, වෙත්මි නෙහාරා, තනුකි කුලතුංග සහ තෙරුණි ගුණරත්න 

-036 


අදහස් (0)

යොනෙක්ස් සන්රයිස් බැඩ්මින්ටන් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 41 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.