Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාව වැඩි ගෞරව දිනයි

යුද හමුදාව වැඩි ගෞරව දිනයි

editorial - 2023 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 (ශානුක අරවින්ද)

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අතරමැදි බොක්සිං තරගාවලියේදී රන් පදක්කම් 10 ක් දිනාගනිමින් වැඩි ගෞරව දිනාගැනීමට ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය. නාවික හමුදාව රන් පදක්කම් 2 ක් දිනාගත් අතර ක්‍රීඩා සමාජය 3 ක් රන් පදක්කම බැගින් දිනාගත්තේය.

එහිදී නව ක්‍රීඩා සමාජයක් වූ බී2එෆ් බොක්සිං සමාජයේ ඩී.එච්. තිස්සාරච්චි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, ශ්‍රී ලංකා යුද හමුදාවේ එම්.ඩී.පී. මනතුංග දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ. ශ්‍රී ලංකා පොලිසියේ ආර්.ඒ.ඩී. මධුෂංක තරගාවලියේ දක්ෂතම පරාජිතයා බවට පත්විය.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධනය කළ මෙම තරගාවලියේදී පිරිමි කාණ්ඩය සඳහා බර පංති 10 ක් යටතේද, කාන්තා කාණ්ඩය සඳහා බර පංති 5 ක් යටතේද තරග පැවැත්විණ. ඊට ක්‍රීඩා සමාජ රැසක් නියොජ්නය කරමින් ක්‍රීඩකයන් 96 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 27 දෙනෙක් සහභාගි වූහ.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමුණ අතර ඔවුහු ඉදිරියේදී පැවැත්වීමට නියමිතය ලේටන් කුසලාන, ක්ලිෆර්ඩ් කුසලාන, ජාතික ශූරතාවලිය වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලිවලට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබූහ.

දක්ෂතම ක්‍රීඩකයා - බී2එෆ් බොක්සිං සමාජයේ ඩී.එච්. තිස්සාරච්චි

 

දක්ෂතම ක්‍රීඩිකාව - ශ්‍රී ලංකා යුද හමුදාවේ එම්.ඩී.පී. මනතුංග


අදහස් (0)

යුද හමුදාව වැඩි ගෞරව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.