Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාව වැඩි ගෞරව දිනයි

යුද හමුදාව වැඩි ගෞරව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අතරමැදි බොක්සිං තරගාවලියේ පිරිමි කාණ්ඩයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට රන් පදක්කම් 7 ක් දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය. රන් පදක්කම් 2 බැගින් දිනාගත් මාස් තුරුලි ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා පොලිසිය කාන්තා කාණ්ඩයේ වැඩි දස්කම් දැක්වූහ.

එහිදී ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුණ පේරාදෙණිය බොක්සිං සමාජයේ එච්.එන්. ජිනදාස තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතියෙන් තරග වැදුණ විදියල් බොක්සිං සමාජයේ කේ.ඒ.ඩී. අබේසේකර දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුණ ශ්‍රී ලංකා යුද හමුදාවේ එස්.එන්. කුමාර තරගාවලියේ දක්ෂතම පරාජිතයා බවට පත්වූ අතර බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතියෙන් තරග වැදුණ ශ්‍රී ලංකා පොලිසියේ ඩබ්ලිව්.එස්.පී. රත්නායක දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව බවට පත්වූවාය.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධනය කළ මෙම තරගාවලියේදී පිරිමි කාණ්ඩය සඳහා බර පංති 10 ක් යටතේද, කාන්තා කාණ්ඩය සඳහා බර පංති 58 ක් යටතේද තරග පැවැත්විණ. ඊට ක්‍රීඩා සමාජ 22 ක් නියොජ්නය කරමින් ක්‍රීඩකයන් 104 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 42 දෙනෙක් සහභාගි වූහ.


පිරිමි තරග ප්‍රතිඵල

ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය
එච්.එන්. ජිනදාස (පේරාදෙණිය බොක්සිං සමාජය) විසින් එස්.එන්. කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.

ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය
එස්.කේ. අබේගුණවර්ධන (යුද හමුදාව) විසින් එම්.එම්. උදයකුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතිය
සඳරුවන් කුමාර (යුද හමුදාව) විසින් එන්.කේ. රාජපක්ෂ (යුද හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
කේ.කේ. රස්නායක (යුද හමුදාව) විසින් ජේ.පී.ඒ. මධුෂංක (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර්  (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
එම්.එම්. ජයවීර (යුද හමුදාව) විසින් වයි. කිරිතරන් (පේරාදෙණිය බොක්සිං සමාජය) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
ටී.එම්.එන්. සමරනායක (යුද හමුදාව) විසින් ජේ.ඒ.ජී. මධුරංක (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
ආර්.එස්. රූපසිංහ (යුද හමුදාව) විසින් කියු.පී. රත්නසිරි (පොලිසිය)  පරාජය කරන ලදි.   

ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
වී. නිකලස් (යුද හමුදාව) විසින් පී.එම්. සිල්වා (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

හෙවි (කිලෝ ග්‍රෑම් 91) බර පංතිය
කේ.එස්. මධුරසිංහ (යුද හමුදාව) විසින් එස්. කේසවන් (විදියල් බොක්සිං සමාජය) පරාජය කරන ලදි.

සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
ආර්.එම්. අබේසිංහ (යුද හමුදාව) විසින් සී. සනොබලාන්සන් (පොලිසිය) පරාජය කරන ලදි.


කාන්තා තරග ප්‍රතිඵල

ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය
ඒ.ඒ. රණසිංහ (තුරුලි ක්‍රීඩා සමාජය) විසින් අයි.ජී.එන්. නිසංසලා (පොලිසිය) පරාජය කරන ලදි.

ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය
ජී.එන්. ප්‍රියදර්ශනී (ලීනියා ක්‍රීඩා සමාජය) විසින් ඩී.ඩී. දිනූෂා (තුරුලි ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
කේ.ඒ.ඩී. අබේසේකර (විදියල් බොක්සිං සමාජය) විසින් ඩබ්ලිව්.එස්.පී. රත්නායක (පොලිසිය) පරාජය කරන ලදි.

ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය
බී.ඩී.ආර්. මෙන්ඩිස් (තුරුලි ක්‍රීඩා සමාජය) විසින් ටී.එස්. ඉමන්දි (යුද හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
ඒ.එන්. සඳරුවනි (පොලිසිය) විසින් එස්.එන්. සඳමාලි (පොලිසිය) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
ඒ.කේ. තිවංකා (ගුවන් හමුදාව) විසින් පී.කේ.ඩී. ප්‍රියදර්ශනී (පොලිසිය) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
බී.එස්.එච්. පෙරේරා (ලීනියා ක්‍රීඩා සමාජය) විසින් එස්.එම්. බණ්ඩාර (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය)
පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
එස්.එම්. බණ්ඩාර (පොලිසිය) විසින් එම්.ආර්.පී. ජයකොඩි (පොලිසිය) පරාජය කරන ලදි.

 


අදහස් (0)

යුද හමුදාව වැඩි ගෞරව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.