Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාව - මියුසියස් විදුහල සමස්ත ශූරතා දිනති

යුද හමුදාව - මියුසියස් විදුහල සමස්ත ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ ‘අතරමැදි වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේදී’ ශ්‍රී ලංකා යුද හමුදාව බාලක අංශයේ සමස්ත ශූරතාව දිනාගනිද්දී, මියුසියස් විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ බාලිකා අංශයේ සමස්ත ශුූරතාවයට හිමිකම් කීහ. සුගතදාස පිහිනුම් තටාකයේදී දින තුනක් පුරාවට පැවැති මෙම තරගාවලිය ඊයේ (23) නිමාවට පත්විය.

ශ්‍රී ලංකා යුද හමුදාව ලකුණු 429 ක් ලබා මෙවර බාලක ශූරතාවයට හිමිකම් කීය. ලකුණු 234ක් ලැබූ ශාන්ත ජෝශප් විද්‍යාලය අනුශූරතාවයට හිමිකම් කියද්දී, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ලකුණු 187ක් ලබා බාලක අංශයේ තෙවන ස්ථානයට පත්විය. මියුසියස් විද්‍යාලය හා කරටකර තරගයක් ලබාදුන් කොළඹ විශාකා විද්‍යාලයට ලකුණු 248ක් ලබා අනුශූරතාවයෙන් සෑහීමට සිදුවිය.

ග්ලෝබල් ලයිෆ් ජාත්‍යන්තර පාසලේ ටෝජිත තරුක් වයස 11න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, කොළඹ කාන්තා විද්‍යාලයේ ටසාරා ප්‍රනාන්දු එම කාණ්ඩයේම දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් පත්වූහ. වයස 13 න් පහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූයේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ලකුණු 50ක් ලැබූ මලීෂ ෆොන්සේකාය. රෝයල් ඉන්ස්ටිටියුට් පාසලේ ඩබ්.ඒ. නිකී ලකුණු 50 ක් ලබා ගනිමින් එම කාණ්ඩයේම දක්ෂතම ක්‍රීඩිකාව විය.

15න් පහළ වයස් කාණ්ඩයෙන් තරගවැදි, මොරටු මහ විදුහලේ හිමාෂ් හර්ෂ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වෙද්දී, එම කාණ්ඩයෙන්ම තරගවැදි විශාකා විද්‍යාලයේ ගිනුරි කුලතුංග ලකුණු 38ක් ලබා ගනිමින් දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූවාය. ධර්මාශෝක විද්‍යාලයේ සංජන තරිඳු 17 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවටත්, ගාල්ල ගිංතොට මහා විද්‍යාලයේ කෞෂල්‍යා වොෂානි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසටත් පත්වූහ.  

වයස් කාණ්ඩ 5ක් යටතේ පැවැති තරගාවලියේ වයස 17 න් ඉහළ කාණ්ඩයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ බී.එල් අබේරත්න ලකුණු 48 ක් සමගින් දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය. ශාන්ත අන්තෝනි කාන්තා විද්‍යාලයේ ටී.කේ. මැදිවක එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සව කටයුතු සඳහා ඔලිම්පික් පදක්කම්ලාභි ලියාම් ටැන්කොක් මහතා සහභාගි විය.

 


අදහස් (0)

යුද හමුදාව - මියුසියස් විදුහල සමස්ත ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.