Last Update  :  2025-05-07 14:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදා පිල 18-17 කින් නාවික හමුදාව පරදවයි

යුද හමුදා පිල 18-17 කින් නාවික හමුදාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා පිටියේදී අද (27) පැවැති තරගයේදී යුද හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 18-17 කින් නාවික හමුදා පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ.

ජයග‍්‍රාහි යුද හමුදා පිල ගෝලකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබූ අතර නාවික හමුදාව ගෝලකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු ලැබීය.

නාවික හමුදා පිල අවසන් මිනිත්තුව දක්වා ලකුණු 17-13 ක් ලෙස තරගයේ ඉදිරියෙන් සිටි අතර අවසන් මිනිත්තුවේදී එච්. චන්ද්‍රසේකර සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු 18-17 ක් ලෙස යුද හමුදා පිල ජය තහවුරු කරගැනීමට සමත් විය.

යුද හමුදා පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-5 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටිය ද දෙවැනි අර්ධයේදී ගෝලයක් සහ උත්සාහක දිනුමක් සාර්ථක කරමින් නාවික හමුදාව පෙරමුණට පැමිණියේය.

ජයග‍්‍රාහි යුද හමුදා පිල වෙනුවෙන් අශෝක ජයලාල් සහ එච්. චන්ද්‍රසේකර උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීමට සමත් වූහ.

නාවික හමුදා පිල වෙනුවෙන් සජිත් සාරංග, සුරංග පුෂ්පකුමාර සහ දිනූෂ චතුරංග උත්සාහක දිනුම් එකතු කළහ.    

 

 


අදහස් (0)

යුද හමුදා පිල 18-17 කින් නාවික හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.