අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ යාපනය ශාන්ත පැට්‍රික් විදුහල සහ යාපනය මැදි විදුහල අතර ශාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට යාපනය මැදි විදුහල සමත් විය.
එහිදී එම්. සන්සායන් නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් යාපනය මැදි විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ශාන්ත පැට්‍රික් විදුහල - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 103
(එඩ්වඩ් දිලක්ෂණ 25, ඩග්ලස් ඩැනීසියස් නොදැවී 22, බී. ඉන්තූජන් 19/2, වී. කවිතර්සන් 22/2)
යාපනය මැදි විදුහල - ඕවර 29.3 කදී කඩුලු 3 ක් දැවී 107
(එම්. සන්සායන් නොදැවී 48, ඇන්තනී ඩෙස්වින් 21/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.