Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යතුරු පැදි ශූරයා උපාලි දසනායක සමුගනී

යතුරු පැදි ශූරයා උපාලි දසනායක සමුගනී

editorial - 2021 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


හිටපු යතුරුපැදි ශූරයකු මෙන්ම ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ක්‍රීඩාවේ පුරෝගාමියකුද වූ උපාලි දසනායක මහතා දිවියෙන් සමුගත්තේය. මිය යන විට ඔහු 58 වියේ පසුවිය. ඔහුගේ අවසන් කටයුතු අද (8 වැනිදා) පන්නල මෝටර් රථ සහ යතුරුපැදි ධාවන පථයේදී සිදුකිරීමට නියමිතය.

1974 වසරේදී යතුරුපැදි ක්‍රීඩාවට අවතීර්ණ වූ දසනායක මහතා, කටුකුරුන්ද, රත්මලාන සහ කටුනායක ගුවන් හමුදා ධාවන පථවලදී මෙන්ම කුරුණෑගල ධාවන පථවලදීද ජයග්‍රහණ රැසකට හිමිකම් කීවේය.   

සිලින්ඩර ධාරිතාව 125, 250, 350, 750 සහ විවෘත කාණ්ඩ යටතේ 1974 සිට 1983 දක්වා කාලය තුළ යතුරුපැදි තරග රැසකට සහභාගි වූ දසනායක මහතා, නුවරඑළිය සහ මහනුවර මාර්ග මෝටර් රථ තරගාවලිවලදීද කැපී පෙනෙන දස්කම් දැක්වූ තරගකරුවෙකි.  ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් 1981 සහ 1983 වසරවල ඉන්දියාවේදී පැවැති ජාත්‍යන්තර යතුරුපැදි තරගාවලිවලට සහභාගි වීමටද දසනායක මහතා සමත් විය. 1982 වසරේ සිට 1994 වසරෙ දක්වා යතුරුපැදි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ධූරය දරණු ලැබුවේද දසනායක මහතාය.  

1989 වසරෙදී පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමයේ පළමු සභාපතිවරයා වූ දසනායක මහතා, පන්නල මෝටර් රථ ධාවන පථය නිර්මාණය කළේය. 1994 වස‍රේ සිට 2007 වස‍ර දක්වා යතුරුපැදි ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශකවරයා ලෙස කටයුතු කළ ඔහු 2007 වසරේදී නැවත වරක් එහි සභාපති ධූරයට පත් විය.

2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දසනායක මහතා, 2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා මව් සංගමයේ සභාපති ධූරයද හෙබවීය.

-036

 


අදහස් (0)

යතුරු පැදි ශූරයා උපාලි දසනායක සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.