Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යංග් ස්ටාර් පිල ශූරතාව දිනාගනී

යංග් ස්ටාර් පිල ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර දිස්ත‍්‍රික් අන්තර් ක‍්‍රීඩා සමාජ ලීග් හොකී තරගාවලියේදි (පිරිමි) යංග් ස්ටාර්ස් ක‍්‍රීඩා සමාජයීය කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනුශූරතාව ඕල්ඞ් කිංග්ස්වුඩියන්ස් කණ්ඩායමට හිමිවිය.

යංග් ස්ටාර්ස් ක‍්‍රීඩා සමාජය සහ  ඕල්ඞ් කිංග්වුඩියන්ස් කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයෙන් ගෝල 3-2 ක තියුණු ජයක් ලබා ගැනීමට යංග් ස්ටාර්ස් ක‍්‍රීඩකයෝ සමත්වුහ. ජයග‍්‍රාහී යංග් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් ජී.එස්.විජේවර්ධන ගෝලයක්ද, බී. ගමගේ ගෝල දෙකක්ද ලබාගත්හ.

අනුශූරතාව හිමිකර ගත්  ඕල්ඞ් කිංග්ස්වුඩියන්ස් කණ්ඩායමේ එස්.කේ. උබේසේකර සහ එච්.එම්. මුලාෆර් ගෝලය බැගින් ලැබුහ. තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් වොන්ඩර්ස් කණ්ඩායම ගෝල 1-0 කින් පරදවා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

අවසන් පුර්ව තරගවලදී යංග් ස්ටාර්ස් කණ්ඩායම විසින් වොන්ඩර්ස් කණ්ඩායම ගෝල 1-0 කින්ද,  ඕල්ඞ් කිංග්වුඩියන්ස් කණ්ඩායම විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ගෝල 8-0 කින් ද පරාජය කරන ලදී.


- 090

 


අදහස් (0)

යංග් ස්ටාර් පිල ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.