Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මෝටර් රථ තරග යළිත් කරළියට

මෝටර් රථ තරග යළිත් කරළියට

editorial - 2023 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙම වසර (2023) තුළ මෝටර් රථ තරගාවලි 17 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඊට සුපර් ක්‍රොස් තරගාවලි 7 ක්, මාර්ග මෝටර් රථ තරගාවලි 6 ක් කඳු තරණ 3 ක් සහ රැළි ක්‍රොස් තරගාවලියක් ඇතුළත් වේ.

පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ ඉන්ධන අර්බුධය වැනි හේතු මත පසුගිය වසර කිහිපියේදී වාර්ෂික මෝටර් රථ කාලසටහනට අනුව තරගාවලි නොපැවැත්විණ. ඒ අනුව මෙම වසරේ සිට ඉදිරියට සැලසුම් කර ඇති පරිදි කාලසටහනට අනුව තරගාවලි පැවැත්වීමට මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය කටයුතු කරමින් සිටියි.

මෙම තරගාවලි 17 න් 15 ක්ම මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියට අයත් අනු සංගම් සහ ක්‍රීඩා සමාජ 10 විසින් සංවිධානය කරනු ලබන අතර අප්‍රේල් මාසයේ දියතලාවේදී පැවැත්වීමට නියමිත නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය සහ දෙසැම්බර් මාසයේ කටුකුරුන්දේදී පැවැත්වීමට නියමිත මාර්ග මෝටර් රථ තරගාවලිය අනු සියලුම සංගම් සහ ක්‍රීඩා සමාජ ඒකාබද්ධව සංවිධානය කරනු ඇත.

මෙම මස 28 සහ 29 යන දිනවල සාලියපුරදී පැවැත්වීමට නියමිත අයිස් බ්‍රේකර් තරගාවලියෙන් මෙම වසරේ මෝටර් රථ දින දර්ශනය ආරම්භ වනු ඇත. එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 2 සහ 3 යන දිනවල කටුකුරුන්දේදී පැවැත්වීමට නියමිත මාර්ග මෝටර් රථ තරගාවලියෙනි.

මෙවර මෝටර් රථ දින දර්ශනයට කටුකුරුන්ද ධාවන පථයේදී පැවැත්වීමට නියමිත මාර්ග මෝටර් රථ තරගාවලි 4 ක් ඇතුළත් කිරීමට මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය කටයුතු යොදා ඇති අතර ඉන් තරගාවලි දෙකක් සැප්තැම්බර් මාසයේ පිට පිටම සති අන්ත දෙකක යොදා තිබීමද තිබීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබේ.

මෙම වසරේදී පැවැත්වීමට නියමිත මෝටර් රථ තරගාවලි ඇතුළත් කාලසටහන පහත දැක්වෙන අතර එහි සඳහන් තරගාවලි විවිධ හේතූන් මත කල් දැමීමටත්, අවලංගු වීමටත්, දින වකවානු වෙනස් වීමටත් ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.  


මෝටර් රථ තරග කාලසටහන - 2023

ජනවාරි 28 සහ 29 - අයිස් බ්‍රේකර් තරගාවලිය - සාලියපුරදී
පෙබරවාරි 18 සහ 19 - එළියකන්ද කඳු තරණය - මාතරදී
අප්‍රේල් 8 සහ 9 - මහගස්තොට කඳු තරණය - නුවරඑළියේදී
අප්‍රේල් 22 සහ 23 - නරියාකන්ද සුපර් ක්‍රොස් - දියතලාවේදී
අප්‍රේල් 29 සහ 30 - නුවරඑළිය රෝඩ් රේස් - නුවරඑළියේදී
මැයි 13 සහ 14 - කුකුලේගඟ කඳු තරණය - කැලේවැල්වදී  
මැයි 20 සහ 21 - සීගිරිය රැලි ක්‍රොස් - සීගිරියේදී
ජූනි 17 සහ 18 - ගනර් සුපර් ක්‍රොස් - මින්නේරියේදී
ජූලි 22 සහ 23 - කැවල්රි සුපර් ක්‍රොස් - පාන්ගොල්ලේදී
අගෝස්තු 5 සහ 6 - වලව සුපර් ක්‍රොස් - උඩවලවේදී
අගෝස්තු 19 සහ 20 - ගජබා සුපර් ක්‍රොස් - සාලියපුරදී
සැප්තැම්බර් 9 සහ 10 - කොළඹ සුපර් ක්‍රොස් - වැලිසරදී
සැප්තැම්බර් 16 සහ 17 - මෝටර් රථ තරගාවලිය - කටුකුරුන්ද
සැප්තැම්බර් 23 සහ 24 - රොදර්හැම් තරගාවලිය - කටුකුරුන්ද
නොවැම්බර් 11 සහ 12 - මෝටර් රථ තරගාවලිය - කටුකුරුන්ද
නොවැම්බර් - කාලය මැනීමේ තරගාවලිය - මීගමුව
දෙසැම්බර් 2 සහ 3 - මෝටර් රථ තරගාවලිය - කටුකුරුන්ද

 


අදහස් (0)

මෝටර් රථ තරග යළිත් කරළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.