අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ හයවැනි සතියේ තරග අද (08 වැනිදා) අවසන්වූ අතර එහිදී හලාවත මේරියන්ස්, රාගම, යුදහමුදා සහ සී.සී.සී යන කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්වූහ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සැරසන්ස් පිලට එරෙහිව හලාවත මේරියන්ස් පිලත්, එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලන්කන් පිලට එරෙහිව රාගම පිලත් කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත්විය. පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මූවර්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට යුදහමුදා පිල සමත්වූ අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කෝල්ට්ස් පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී පිලත් සමත් වූයේය.
තවත් තරග 2 ක් අද අවසන් වූ අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මීගමුව පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට බී.ආර්.සී පිල සමත්වූ අතර එන්.සී.සී සහ බදුරලිය කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් විය.
අදින් අවසන් වූ මෙම සති අන්තයේදී රාගම පිලේ රොෂේන් සිල්වා සහ නිෂාන් ප්‍රනාන්දු, මීගමුව පිලේ ඇන්ජලෝ ජයසිංහ, බී.ආර්.සී පිලේ ලසිත් ලක්ෂාන් සහ එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. ලකුණු 99 කට දැවී ගිය සී.සී.සී පිලේ මිනෝද් භානුක මෙම සති අන්තයේ අවාසනාවන්තම පිතිකරුවා බවට පත්විය.
මූවර්ස් පිලේ ධනුෂ්ක රණසිංහ සහ මීගමුව පිලේ ලක්ෂිත රසාංජන කඩුලු 8 බැගින් දවාගනිමින් මෙම සති අන්තයේදී ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්වූ අතර යුදහමුදා පිලේ යසෝධ මේන්ඩිස් සහ මීගමුව පිලේ උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 7 බැගින් ඉනිමකදී ලබාගැනීමට සමත්වූහ. සී.සී.සී පිලේ සොනාල් දිනූෂ ඉනිම දෙකෙහිදීහ කඩුලු 5 බැගින් බිඳහෙලු අතර රාගම පිලේ ශෂික දුල්ෂාන්, යුදහමුදා පිලේ අසේල ගුණරත්න සහ කෝල්ට්ස් පිලේ ඩිල්රුවන් පෙරේරා ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගැනීමට සමත්වූහ.
සී.සී.සී පිලේ සොනාල් දිනූෂ තරගය පුරා කඩුලු 11 ක් දවාගනිමින් අවසන් වූ සති අන්තයේදී තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර යුදහමුදා පිලේ යසෝධ මේන්ඩිස් සහ මූවර්ස් පිලේ ධනුෂ්ක රණසිංහ කඩුලු 10 බැගින් දවාගැනීමට සමත්වූහ.
කෝල්ට්ස් පිලේ ඩිල්රුවන් පෙරේරා සහ මීගමුව පිලේ ලක්ෂිත රසාංජන කඩුලු 9 බැගින්ද මීගමුව පිලේ උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 8 ක් ද දවාගැනීමට සමත් වූයේය.
මේරියන්ස් පිලට කඩුලු 10 ක ජයක්
සැරසන්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 176
(පැතුම් මධුසංක 29, සාලිය සමන් 35, චාමිකර එදිරිසිංහ නොදැවී 24, නිමේෂ් විමුක්ති 39/4, චතුරංග කුමාර 25/3, තික්‍ෂිල ද සිල්වා 74/2)
මේරියන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 281
(ලසිත් කෲස්පුල්ලේ 45, ඕෂධ ප්‍රනාන්දු 69, සුමිත් ඝාන්ධිගඕන්කර් 60, කසුන් විදුර නොදැවී 49, පුලින තරංග 25, මොහොමඞ් ඩිල්ෂාඞ් 63/4, චාමිකර එදිරිසිංහ 105/3)
සැරසන්ස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 123
(හර්ෂ රාජපක්ෂ 25, සිතාර ගිම්හාන් 22, චතුරංග කුමාර 52/4, නිමේෂ් විමුක්ති 12/2, සුමිත් ඝාන්ධිගඕන්කර් 15/2, තික්‍ෂිල ද සිල්වා 31/2)
මේරියන්ස් දෙවැනි ඉනිම - කිසිවෙකු නොදැවී 19
රාගම පිලට කඩුලු 10 ක ජයක්
ලන්කන් සහ රාගම කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
ලන්කන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 205
(ප්‍රිමෝෂ් පෙරේරා 57, කේෂාන් විජේරත්න 51, සහන් නානායක්කාර නොදැවී 20, ශෂික දුල්ෂාන් 26/5, අමිල අපෝන්සු 42/2)
රාගම පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 417
(ළහිරු තිරිමාන්න 21, රොෂේන් සිල්වා 165, නිෂාන් ප්‍රනාන්දු 154, සුපේෂල ජයතිලක නොදැවී 22, උදිත් මදුෂාන් 103/3)
ලන්කන් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 226
(මාලිංග අමරසිංහ 32, චානක රුවන්සිරි 43, රිසිත් උපමාල් 30, කසුන් අබේරත්න 35, දමිත සිල්වා 25, අමිල අපෝන්සු 59/4, නිෂාන් පිරීස් 61/3, නසාර් හුසේන් 32/2)
රාගම දෙවැනි ඉනිම - කිසිවෙකු නොදැවී 16
යුදහමුදා පිලට කඩුලු 8 ක ජයක්
යුදහමුදාව සහ මූවර්ස් කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 374
(අෂාන් රංදික 77, ලක්ෂාන් එදිරිසිංහ 86, දිනේෂ් චන්දිමාල් 84, දුෂාන් විමුක්ති 61, යසෝධ මේන්ඩිස් 27, ධනුෂ්ක රණසිංහ 76/8)
මූවර්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 128
(චරිත කුමාරසිංහ 20, නිපුන් කරුණානායක 31, අදීෂ තිලංචන 25, යසෝධ මේන්ඩිස් 18/7)
මූවර්ස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 275
(පබසර වඩුගේ 62, මොහොමඞ් ශමාස් 62, නිපුන් කරුණානායක 31, අනුක් ප්‍රනාන්දු නොදැවී 25, අසේල ගුණරත්න 63/5, යසෝධ මේන්ඩිස් 42/3)
යුදහමුදා දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 30
(අෂාන් රංදික 23, ධනුෂ්ක රණසිංහ 21/2)
සී.සී.සී පිලට කඩුලු 3 ක ජයක්
සී.සී.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 205
(සංතුෂ් ගුණතිලක 67, විෂාද් රංදික 46, ධනංජය ලක්ෂාන් 29, සොනාල් දිනූෂ 55/6, විශ්ව ප්‍රනාන්දු 40/3)
සී.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 244
(මිනෝද් භානුක 99, ලසිත් අබේරත්න 38, සොනාල් දිනූෂ 26, ඩිල්රුවන් පෙරේරා 95/5, ප්‍රභාත් ජයසූරිය 76/4)
කෝල්ට්ස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 239
(හේෂාන් ධනුෂ්ක 25, සංතුෂ් ගුණතිලක 44, විශාද් රංදික 73, ධනංජය ලක්ෂාන් 41, සොනාල් දිනූෂ 100/5, විශ්ව ප්‍රනාන්දු 37/3)
සී.සී.සී දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 203
(රොන් චන්ද්‍රගුප්ත 35, මිනෝද් භානුක 44, ලසිත් අබේරත්න 45, සොනාල් දිනූෂ නොදැවී 30, කවිඳු නදීෂාන් නොදැවී 22, ඩිල්රුවන් පෙරේරා 80/4, නිපුන් රංසික 34/3)
බී.ආර්.සී පිලට පළමු ඉනිමේ ජයක්
බී.ආර්.සී සහ මීගමුව කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 328
(ලසිත් ලක්ෂාන් 59, ලිසුල ලක්ෂාන් 49, ශානුක දුලාජ් 68, දේෂාන් ඩයස් 36, උමෙෂ්ක මොරායෙස් 33, හෂාන් සංදීප නොදැවී 28, උපුල් ඉන්ද්‍රසිරි 120/7)
මීගමුව පළමු ඉනිම - සියලුදෙනා දැවී 279
(මාධව වර්ණපුර 55, ඇන්ජලෝ ජයසිංහ 109, සාද් නසීම් 51, ලසිත් ලක්ෂාන් 21/4, මොහොමඩ් ශිරාස් 65/3, කෙවින් කොත්තිගොඩ 28/2)
බී.ආර්.සී දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 289
(ලසිත් ලක්ෂාන් 133, භානුක රාජපක්ෂ 55, රමින්ද විජේසූරිය 30, කෙවින් කොත්තිගොඩ 30, ලක්ෂිත රසාංජන 57/8)
මීගමුව දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 171
(පසිඳු ලක්ෂංක 52, අෂේන් සිල්වා 25, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 53, මාධව වර්ණපුර නොදැවී 31)
ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
එන්.සී.සී සහ බදුරලිය කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 187
(පැතුම් නිස්සංක නොදැවී 101, හසිත බෝයගොඩ 33, උපුල් තරංග නොදැවී 44, තිලකරත්න සම්පත් 69/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.