Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර ‘මුහුදු ළිහිණින්ගේ සටන’ හය වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (31 සහ 01) දෙදින පැවැත්වේ.
මෙම පාසල් දෙකම පසුගිය වසර කීපයේදී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ පාසල් දෙකකි.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ද නියෝජනය කළ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි ක්‍රීඩකයෙකි. කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලේ විදුහල්පති පී. එම්. කේ. වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වඩාත් ක්‍රියාකාරී උප සභාපතිවරයෙකි.
මෙවර ශාන්ත සෙබස්තියන් විදුහල් පිලේ නායකයා ලෙස නිමේෂ් ධනංජය ද, ශාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස උමේෂ් ලක්‍ෂාන්ද, කටයුතු කරති.
මෙම තරගයට සමගාමීව පැවැත්වෙන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය අප්‍රේල් මස 5 වැනිදා කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් සංචිතය:
නිමේෂ් ධනංජය (නායක), අෂේන් චාරුක පෙරේරා (උප නායක), උදාර ප්‍රනාන්දු, ෂෙෂල තිසේරා, කාවින්ද තමෙල්, ඉරෝෂ් පෙරේරා, උදාර මෙන්ඩිස්, ජෝර්ජ් ප්‍රියශාන්ත, ඩිල්ෂාන් වනිගසේකර, දිෂාන් ප්‍රමෝද්, ඩිල්ෂාන් ජයවීර, කෝසල ප්‍රනාන්දු, එම්. ජී. ඒ. එච්. අභිෂේක් ප්‍රනාන්දු, යොනතන් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ටී. අභිෂේක් ප්‍රනාන්දු, ප්‍රබෝධ වීරසේකර, දේෂාන් ලලන්ත සහ සන්දේෂ් සාලින්ද
පුහුණුකරු: ඇන්ටන් කොස්තා මහතා සහ කණ්ඩායම් බාර ආචාර්ය: අමින්ද රන්දුණු මහතා
මීගමුව ශාන්ත පීතර විදුහල් සංචිතය:
උමේෂ් ලක්‍ෂාන් (නායක), නිපුන් සුසංග (උප නායක), ජනුත් ටෂාන්, නිර්මාල් රෙමින්දන්, ඉසුරු උත්පල, සනිඳු මධුසංඛ, තිසර මධුවන්ත, පසිඳු නවෝද්, රුවින් සලින, දිනිත් තත්සර, චානුක නිමේෂ්, ආර්. ඒ. අල්මේදා, ස්ටිපන් ප්‍රනාන්දු, තරුෂ ලිතන් සහ බ්‍රයන් ජූලියන්
පුහුණුකරු: එස්. ඒ. ජී. සුදීප මහතා සහ කණ්ඩායම් බාර ආචාර්ය: එච්.ඩී.බී. එල්.එල්. සමරනායක මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.