Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුවර්ස් පිල ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

මුවර්ස් පිල ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

editorial - 2025 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 36 ක් නිමාවට පත්වෙද්දී ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. කෙසේ වුවත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ තවදුරටත් පොලිස් ක්‍රීඩා සමාජයටම හිමිව තිබේ. 

මේ දක්වා සහභාගි වූ තරග 6 න් 5 ක් ජයගෙන ලකුණු 10 ක් ලබා සිටින මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වන විට 1.234 ක ශූද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටින අතර පොලිස් ක්‍රීඩා සමාජය මෙතෙක් සහභාගි වූ තරග 5 ම ජයගෙන ලකුණු 10 ක් ලබා ඇත්තේ 1.917 ක ශූද්ධ ලකුණු වේගයක් රඳවාගනිමිනි. 

ඊයේ (17 වැනිදා) පැවැති තරග 6 ට පෙර ලකුණු සටහනට අනුව ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවූ මුවර්ස් කණ්ඩායම, පෙරමුණට පැමිණියේ එහි පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටි කෝල්ට්ස් සහ සී.සී.සී. කණ්ඩායම් පසුපසට ඇද දමමිනි. 

සී.සී.සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජද තරග 4 බැගින් ජයගෙන ලකුණු 8 බැගින් ලබා සිටියි. එහෙත් මේ වන විට පවත්වාගෙන ඇති ශූද්ධ ලකුණු වේගයට අනුව සී.සී.සී. කණ්ඩායමට ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන්ද, කෝල්ට්ස් කණ්ඩායමට තෙවැනි ස්ථානයෙන්ද සෑහීමකට පත්වීමට සිදුව තිබේ. 

එන්.සී.සී. ක්‍රීඩා සමාජය තරග 4 ක් ජයගෙන ලකුණු 8 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානටත්, ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය තරග 3 ක් ජයගෙන ලකුණු 6 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානටත් පත්ව තිබේ. 

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සංගීත් කුරේ සමත්ව ඇති අතර මේ වන විට තරග 5 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමග ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 354 කි. මුවර්ස් ක්‍රීඩා සමාජයේ හිවින් කෙනුල තරග 6 කදී කඩුලු 13 ක් බිඳහෙළමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවේ. 


-036 


අදහස් (0)

මුවර්ස් පිල ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.