ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 48 වැනි තරගය ලෙස කිංග්ස් , පන්ජාබ් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර මොහාලිහිදී අද (21) පැවැති තරගයෙන් මුම්බායි පිල කඩුලූ 7 ක ජයක් ලැබීය.
මුම්බායි පිල මෙවර තරගාවලියේ තරග 12 කදී තරග 5 ක් ජය ලබා තරග 7 ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 10 ක් සමගින් 6 වැනි ස්ථානයේ පසු වෙයි.
පන්ජාබ් පිල තරග 12 යේදී නවයක් ජය ලබා ප්‍රසාද ලකුණු 18 ක් හිමිකර ගනිමින් පළමු ස්ථානයේ සිටින අතර මේ වන විටත් අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටියි.
කොදෙව් පිතිකරු ලින්ඞ්ස් සීමන්ස් පන්දු 61 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස් කරමින් මෙවර අයි.පී.එල්. තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත් විය.
ග්ලේන් මැක්වෙල් රැුස්කළ ලකුණු 95 මේ දක්වා මෙවර තරගාවලියේ ක්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු ලෙස පැවතුණි. පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් පිල වෙනුවෙන් නායක ජෝජ් බේලි පන්දු 30 කදී හතරේ සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 39 ක් රැස් කළේය.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ග්ලේන් මැක්ස්වෙල් පන්දු 3 කදී ලකුණු 2 කට දැවී යෑම හේතුවෙන් විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමේ අවස්ථාව පන්ජාබ් පිලෙන් ගිලිහි ගියේය.
මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. මෙම තරගයේදී පන්ජාබ් පිලට ඕස්ටේ්රලියානු ප්රවේගකාරි පිතිකරු ෂෝන් මාෂ් කැඳවා සිටි අතර ඬේවිඞ් මිලර් විවේක ගන්වා තිබුණි.
පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 156 (විරේන්ද්‍ර සෙවැග් 17, මානන් වෝරා 36, ෂෝන් මාෂ් 30, ජෝජ් බේලි 39, රිෂි දාවන් නොදැවී 14, ජස්ප්‍රිට් බුම්රා 31/2, ශරියාස් ගෝපාල් 32/2)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19 කදී කඩුලූ 3 ට 159 (ලින්ඞ්ස් සීමන්ස් නොදැවී 100, අම්බාටි රයිදු 17, රෝහිත් ශර්මා 18)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.